slc
Home   |    News
මැයි 23, 2022
රහීම් – දාස් ශ්‍රී ලංකා බලාපොරොත්තු බිද දමති

sinhala editor

By Chamila Karawita

මීර්පූර්හි අද (23 ද) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳම අවස්ථාවක් උදා වුවත් 6 වැනි කඩුල්ලට ඒක් වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන් කළහ. ලකුණ 24 ට කඩුලු 5 ක් ලෙසින් සටහන්ව තිබුණු බංග්ලාදේශ ලකුණු පුවරුව මොවුන් දෙදෙනාගේ ලකුණු 253 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා පළමු දිනට තරගය නිා කරන විට කඩුලු 5 කට ලකුණු 277 ක් ලෙසින් සටහන්ව තිබිණ.

දිවා භෝජනය වන විට තරමක් අසීරුවෙන් පන්දුවට පහර දුන්නද තේ පානය තෙක් කඩුලු ආරක්ෂා කරගත් පිතිකරුවන් යුගල තවත් ලකුණු 87 ක් ඒක් කළේ මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට ලකුණ් 153 ක් දක්වා ඉහළ දමමිනි.

පළමු පන්දුවාර 7 ඇතුළත කඩුලු දවා ගැනීම නිසා තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත ලැබී තිබුණත් දුර්වල පන්දු රැකීම මෙන්ම දුර්වල පන්දු යැවීම නිසා රහීම්-දාස් රිස්සේ පහර ඒල්ල කළහ. ඒහිදී දාස් ලකුණු 47 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමට කමිඳු මෙන්ඩිස් අසමත් වද්දී ඉන් කදිම ප්‍රයෝජනය ගත් දකුණත් පිතිකරුවා යළි කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලබා නොදීමට වග බලා ගත්තේය.

පා ඉන්න දෙසින් ඒන පන්දුවලට රිසිසේ පහර දෙනු දැක ඒ හරහාම කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා නායකයා ඇටවූ උගුලේ ලිටන් සිර වුවත් කුසල් මෙන්ඩිස් වෙනුවට පන්දු රැකීමට පැමිණී කමිඳු මෙන්ඩිස් අතින් ඒම අවස්ථාව ගිලිහී ගියේය.  පළමු ටෙස්ට් තරගයේදී ශතකය අහිමි කරගත් ලිටන් දිනය අවසන් වන විට ලකුණු 135 ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 115 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

රහීම් අද රැස් කරන ලද්දේ පිට පිටම දෙවැනි සහ සිය ටෙස්ට් තරග දිවියේ 9 වැනි ශතකය විය. පන්දු 252 ක් පුරා පිටියේ මුහුණ දුන් දකුණත් කුඩා පිතිකරුවා හතරේ පහර 13 කින්ද සිය ඉනිම අලංකාර කර ගත්තේය. ඔහුට වඩා හාත් පසින්ම වෙනස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලිටන් දාස් පන්දු 221 කට මුහුණ දුන්නේ සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් කර ගනිමිනි.

තරගය ඇරැඹී මුල් පැයේදී ඉතාමත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු පළමු පන්දුවාර 6 කුත් පන්ද 5 ක් සටහන් වද්දී බංග්ලාදේශ පිලේ ඉදිරි‌ පෙළ පිතිකරුවන් පස් දෙනෙකුම දවා ගැනීමට සමත්වූහ. පිතිකරුවන්ට දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂිත මීර්පූර් තණතීරුවේදී ඉතා හොඳින් පන්දු යැවූ කසුන් රජිත දෙවැනි පන්දුවේදීම මහමුදුල් හසන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය. අනතුරුව අසිත ප්‍රනාන්දු විසින්

දැවී ගිය පිතිකරුවන් අතරින් තිදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය පිතිකරුවන් වූ අතර අනෙක් දෙදෙනාද ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අසමත්වූ පිතිකරුවෝ වෙති. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක්ව තිබියදී බංග්ලාදේශ පිලේ කඩුලු 5 ම බිඳ වැටුණු නමුත් හය වැනි කඩුල්ලට ඒක්වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ලකුණු 129 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරතවූහ.

බංග්ලාදේශයේ මීර්පූර් පිටියේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට වඩා වාසිදායක ලෙසින් හැසිරෙන ඇතැයි අපේක්ෂිත මෙම තණතීරුවේදී බංග්ලාදේශ නායකයා ගත් තීරණය සම්පූර්ණ වැරදි ඒකක් බව පෙන්නුම් කිරීමට ගතවූයේ තරගයේ දෙවැනි පන්දුව පමණි. ඒ් කසුන් රජිත විසින් මහමුදුල් හසන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟය.

අනතුරුව අසිත ප්‍රනාන්දු විසින් ටමීම් ඉක්බාල්ව දවා ගනිමින් අනෙක් අන්තයේ කසුන්ට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය. සාර්ථකම පන්දු යවන්නා වුණු කසුන් රජිත නජ්බුල් හොසේන් සහ ශකීබ් අල් හසන් පිට පිට පන්දු දෙකකදී දවා ගනිමින් බංග්ලාදේශ පිලට පීඩනය වැඩි කළේය. පළමු කඩුලු 5 ම පන්දුවාර 6 කුත් පන්ද 5 කදී බිද වැටීම කැපී පෙනෙන. අවසානයේ කසුන්ගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සහ අසිතගේ නම ඉදිරියෙන් කඩුලු 2 බැගින් ලියැවී තිබිණ.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest