slc
logo
Home   |    News
මැයි 17, 2022
ශ්‍රී ලංකාවට වෙහෙසකර දවසක්

sinhala editor

By Chamila Karawita

ටමීම් ඉක්බාල් ඇතුළු බංග්ලාදේශ පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ චිටෝග්‍රෑම්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ආසන්නයට පැමිණීමට බංග්ලාදේශ කණ්ඩායම අද (17 දා) සමත්විය. තරගය පස්වරුවේ නිමා කරන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 3 ට ලකුණ 318 ක් ලෙසින් සටහන් වි තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 397 ක ඉලක්කය පසුකර යෑම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 79 ක් පමණක් වන අතර ඒ සඳහා ඔවුනත තවත් කඩුලු 7 ක් ඉතිරිව තිබේ.

පාදයේ මස්පිඬු පෙරැළීම හේතුවෙන් තේ පානයෙන් පසුව පිතිහරඹය පසෙකලා විවේකයක් ලබා ගත්තේය. ඒ අවසරයෙන් මුෂ්ෆිකර් රහීම් සමග පිටියට අවතීර්ණ වුණු ලිටන් දාස්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් බංග්ලාදේශ පිල ස්ථාවරත්වය කරා රැගෙන ගියහ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශතකක් වාර්තා කිරීමට අසමත්ව සිටින රහීම් අද දිනයේදී වඩා පරෙස්සම් සහගතව පන්දුවට පහර දුන්නේය. දුර්වල පන්දු දුටු විට වහා ක්‍රියාත්මක වුණු රහීම් ලබාගත් ලකුණු 53 සඳහා පන්දු 134 කට මුහුණ දුන්නද ඊට ඒල්ල කර තිබුණේ හතරේ පහර 2 ක් පමණි.

ලකුණු 22 ක් ඇතුළත කඩුලු 3 ක් දැවී යෑම නිසා තරමක් ව්‍යාකූල තත්ත්වයකට පත්වුණු බංග්ලාදේශ ඉනිම යළි ස්ථාවර කිරීම වෙනුවෙන් රහීම්ට අනගි සහායක් ලබා දුන් ලිටන් දාස් පන්දු 113 කදී ලකුණු 54 ක් ලබාගත්තේ සිය ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් කර ගනිමිනි.

තේ පානය වන තෙක් පන්දුවට පහර දුන් ටමීම් ලකුණු 133 ක් ලබා යළි පන්දුවට පහර දීමේ සූදානමකින් පසුවන්නේය. පෙරවරුවේදී බංග්ලාදේශ පිල නතුවූ පිටියේ ආධිපත්‍ය දිවා ආහාරයෙන් පසු තමන් වෙත ළංකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ සත්කාරක පිලේ කඩුලු 3 ක් එම සැසිය ඇතුළත දවා ගැනීමත් සමඟය.  ලකුණු 114 ක් ලබා සිටියදී ටමීම් දවා ගැනීම වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නද එය ධනංජය ද සිල්වා අතින් මඟ හැරිණ. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට පහරක් එල්ල කිරීමේදී එය ස්ලිප් ස්ථානයට තරමක් ඉහළින් ඇදී ගිය නමුත් එය ග්‍රහණය කර ගැනීමට ධනංජයට නොහැකි විය. තරමක් ඉහළින් ඇදී ගිය උඩ පන්දුව ඉහළට පැන තනි අත යෙදුවත් එය ධනංජයගේ අතේ වැදී ගිලිහී ගියේය. එම උඩ පන්දුව රැක ගැනීමට සමත්වූයේ නම් ශ්‍රී ලංකාවට මීට වඩා සැනසිලි දායක තත්ත්වයකට පැමිණීමට ඉඩ තිබිණ.

පළමු සැසියේදී කඩුලු ලබා නොදීමට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් සමත්වීම නිසා දිවා බංග්ලාදේශ පළමු කඩුල්ල දවා ගැනීමට දිවා ආහාරය පසුවන තෙක් බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 162 ක්ව තිබියදී 21 හැවිරිදි මහමුදුල් හසන්ව පිටියෙන් ඉවත් කළේය. ලකුණු 51 දී ලබා දුන් උඩ පන්දුව ගිලිහී ගියද ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට අසිත ප්‍රනාන්දු ඉඩ ලබා නොදුන්නේය.

දිවා ආහාරයට පෙර යවන ලද බවුන්සර් පන්දුවකට එල්ල කරන ලද හුක් පහර ෆයින් ලෙග් කලාපයේ පන්දු රැකි ලසිත් ඇඹුල්දෙණිය වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියද එය නිසියාකාරව රැක ගැනීමට ඔහු අපොහොසත් විය. එහෙත් අප්‍රතිහත ධෛර්ය හමුවේ නැවතත් නිරෝෂන් දික්වැල්ල සමඟ හවුල් වෙමින් ලකුණු 58 කට මහමුදුල් හසන්ව පිටියෙන් ඉවත් කිරීමට අසිත සමත්වූවේය. දැවී යන විටත්  සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමට මහමදුල් සමත්ව සිටියේය.

අනෙක් කඩුලු දෙකේ හිමිකාරයා වූයේ විශ්ව ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට පැමිණි කසුන් රාජිත විය. පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීම නිසා තවදුරටත් තරගයට ක්‍රීඩා කිරීමෙන් විශ්ව ඉවත්වීම නිසා ‘කම්පන ආදේශකයා’ ලෙසින් කණ්ඩායමට පැමිණි කසුන් රාජිත සිය වගකීම අකුරටම ඉටු කළේ පන්දුවාර 3 කුත් පන්දුවක් ඇතුළත නජ්මුල් හොසේන් සහ බංග්ලාදේශ නායක මොමිනුල් හක්ව දවා ගනිමිනි.

පන්දු යැවීමට කැඳවූ පළමු පන්දුවාරයේදීම සාර්ථක ප්‍රතිඵල අත්කරගත් කසුන්, නැවතත් ඊට පන්දුවාර දෙකකට පසු මොමිනුල්ව ඉවත් කරමින් ශ්‍රී ලංකාව යළි තරගයට රැගෙන ආවේය. මොමිනුල් දවා ගැනීම වෙනුවෙන් පිට ඉන්නට පිටින් කසුන් යොමු කරන පන්දුව පිට ඉන්න සොයා ඇදී ගියේ පිතිකරුට හිතා ගැනීමට නොහැකි තරම් දෝලනයක් සමඟිනි. ඒ සමඟම බංග්ලාදේශ පිලේ කඩුලු 3 ම ලකුණු 22 ක් ඇතුළත බිඳ වැටිණ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee