slc
logo
Home   |    News
මැයි 25, 2022
ශ්‍රී ලංකාව අවධානමෙන් මිදෙයි

sinhala editor

By Chamila Karawita

මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (25 ද) අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 5 කට ලකුණු 282 ක් ලබා කිසියම් ස්ථාවරත්වයකට පැමිණ සිටියේය. බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 365 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සංචාරක ශ්‍රී ලංකාව තවත් ලකුණු 83 ක් පිටුපසින් සිටියි.

පළමු තරගයේ ලකුණු 199 ක් ලද ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට මනා අස්වැසිල්ලක් ගෙන දෙන්නකි. වර්ෂාවෙන් බාධා පැමිනිණු තෙවනි දිනයේදී දිවා ආහාරයට තරගය නිමා කිරීමෙන් පසු නැවතත් තරගය ආරම්භ වූයේ තේ පානයෙන් පසුවය. එබැවන් තරගය ප.ව. 4 ට ආරම්භ වීමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස්ට එක්වූ දිනේෂ් චන්දිමාල් කඩුලු ආරක්ෂා කර ගනිමින් කඩුල්ලේ රැදී සිටිති.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 153 කදී සිය ටෙස්ට් තරග දිවියේ 38 අර්ධ ශතකය වාර්තා කරගෙන සිටියි. හතරේ පහර 9 ක් ඇතුළත් වුණු මැතිව්ස්ගේ ඉනිමට අමතරව දිනයේ වාර්තා වුණු අනෙක් සුවිශේෂී ඉනිම වූයේ ධනංජය ද සිල්වාගේ ලකුණු 58 ක ඉනිම විය.

පෙර දිනයේ ලකුණු 70 ක් ලබාගෙන සිටි නායක දිමුත් කරුණාරත්නට අද දිනයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. දිනයේ යවන ලද දෙවැනි පන්දුවේදී සැදෑ පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් රජිතව දවාගැනීමට එබදත් හොසේන් සමත්වද්දී නායක දිමුත්ව ශකීබ් අල් හසන් විසින් දවා ගත්තේය.

ක්‍රිකට් පිටියේ පදමට තෙම්පරාදුව සිටින ක්‍රීඩකයකු ලෙස සැලකෙන හිටපු නායක ශකීබ් අල් හසන්, ගුවනට මුසු කර එවූ පන්දුව පිත්ත පරදා කඩුල්ල සොයා යෑම නිස දිමුත්ගේ කඩුල්ල බිදී යෑම නිසා තවත් වරක් ශතකයක් ලබා ගැනීමේ ආසන්නයට පැමිණ දැවී ගියේය.

එම දැවී යෑමත් පිටිය වටා වූ අහස් කුස වැහි වළාකුළුවලින් බරවීමේදී පන්දු යවන්නන්ට ලබා දෙනු ලබන දායකත්වය නිසා මැතිව්ස් සහ ධනංජයට පිටියේ ස්ථාවර වීම තරමක් අසීරු විය. එහෙත් පළපුරුද්ද මනාවට ප්‍රයෝජනයට ගත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙපළ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක් ඒක් කරන ලද්දේ ශ්‍රී ලංකාව වැටී සිටී අසීරුතාවයෙන් මුදවා ගනිමිනි.

ධනංජය ද සිල්වාගේ පහර කෙතරම් මනරම් වූයේද කිවහොත් විස්තර විචාරකයෝ පවා එම පහරවල අලංකාර භාවය ගැන මවිතයට පත්ව සිටියහ. තමන්ට කළින් පිටියට පිවිසියද මැතිව්ස්ට පෙර සිය අර්ධ ශතකය සපුරා ගැනීමට ධනංජය සමත්වූවේය. මෙය ඔහුගේ 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසින් සටහන් විය. ධනංජයගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා වෙත ගිය පන්දුවට කරන ලද ඉල්ලීමට විනිසුරුවරයා ප්‍රතිචාර නොදැක්වුවද ඉන් සෑහීමකට පත් නොවුණු බංග්ලාදේශ නායකයා තෙවැනි විනිසුරුගේ සහාය ලැබීමත් සමඟ එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේය.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee