slc
logo
Home   |    News
මැයි 27, 2022
ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස

sinhala editor

By Chamila Karawita

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145 ක් සහ දිනේෂ් චන්දිමාල්  ලකුණු 124 ක් වශයෙන් පවත්වන ලද අඛණ්ඩ ශතක සම්බන්ධතාව හේතුවෙන් මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක බංග්ලාදේශයට වඩා පළමු ඉනිමෙන් ලකුණු 141 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ.  සිව්වැනි දිනය අවසානයේදී අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට යළි දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ කඩලු 4 ක් ලකුණු 34 ක් ඇතුළතදී දවා ගැනීමටද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්ව සිටියහ.

කිසිසේත් අපේක්ෂා නොකළ අසීරුතාවයකට පත්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තවත් ලකුණු 107 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6 ක් පමණක් අත දරාගෙනය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේ උදෑසන වරුවේදී බංග්ලාදේශ පිතිකරුවන් කඩුලු ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත් මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

මුල් ඉනිමේදී ලකණ 24 කට කඩුලු 5 ක් දැවී ගිය අවස්ථාවේ ලකුණ 272 ක ලකුණු සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ පිල ගොඩගැනීමට සමත් මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් දෙදෙනා පිළිවෙළින් ලකුණු 14 ක් සහ ලකුණු 01 ක් ලබමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිති. බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු 4 න් 2 ක් අසිත ප්‍රනාන්දුගේ නමටද එකක් කසුන් රජිතගේ නමටද වෙන්වීණ. ඉතිරි කඩුල්ල ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂ පන්දු රැකීම නිසා දුවද්දී දැවී යෑමක් ලෙසින් සනිටුහන් විය.

 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිණතත්වය මනාව පෙන්නුම් කළ මැතිව්ස් සහ චන්දිමාල් තේ පානය වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දෙමින් හය වැනි කඩුල්ලට ලකුණු 199 ක් එක් කළහ. තරගයේ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් තේ පානයෙන් පසුව ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කිරීමට යෑමේදී චන්දිමාල් දැවී ගිය බැවින් අනතුරුව ශ්‍රී ලංකාවට රැස් කර ගත හැකි වූයේ ලකුණු 41 ක් පමණි.

පන්දු 219 කින් සමන්විත චන්දිමාල්ගේ ඉනිම වසර 4 කට පසු රැස් කරගන්නා ලද පළමු ශතකය විය. ටෙස්ට් තරග දිවියේ 12 වැන්න ලෙසින් සටහන් වුණු චන්දිමාල්ගේ වටිනා ඉනිම හයේ පහරක් සහ තවත් හතරේ පහර 11 කින් වර්ණවත්ව තිබිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඉනිම ක්‍රීඩා කරන ලද ඇන්ජලෝ මැතිව්ස් ඉනිම හමාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. පන්දු 342 ක් පුරා විහිදුණු මැතිව්ස්ගේ ඉනිම පිට පිට ටෙස්ට් තරග 2 කදී වාර්තා කරන ලද ශතකවීමද කැපී පෙනෙයි. චන්දිමාල් ශතකය වාර්තා කිරීමට පන්දු කීපයකට පෙර ශතකය සපුරාගත් දකුණතින් පන්දුවට පහර දෙන හිටපු නායකයා, ටෙස්ට් තරග දිවිය් 13 වැනි ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් කර ගත්තේය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee