slc
Home   |    News
මැයි 15, 2022
ශ්‍රී ලංකාව තීරණය වෙනස් කරයි

sinhala editor

ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණවීමට මූලිකව සැලසුම් කර තිබුණද බංග්ලාදේශ පිලට එරෙහිව චැටෝග්‍රෑම්හි සහූර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේ අද (15 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී තවත් අතිරේක පිතිකරුවකු සමඟ තරගයට අවතීර්ණවීමට ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගෙන තිබුණි. ඒ අනුව හත්වැනි පිතිකරුවා ලෙසින් දිනේෂ් චන්දිමාල් අවසන් මොහොතේ ක්‍රීඩා කරන 11 දෙනා අතරට පැමිණ සිටියි.

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු සහූර් හමඩ් තණතීරුවේදී ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණ වීමට ශ්‍රී ලංකා නායකයා බලාපොරොත්තු තබා තිබුණද තණතීරුවේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් එම තීරණය වෙනස් කිරීමේ හැකියාවකුත් පවතින බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට අංක 6 පිතිකරුවාගේ වගකීම හිමිවද්දී කඩුල්ල පිටුපස රාජකාරියේ නියුතු නිරෝෂන් දික්වැල්ල යළිත් අංක 7 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙනු ඇත. අංක 6 පිතිකරු ස්ථානය සඳහ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් ද පසු වුවත් අත්දැකීම් සම්භාරය ප්‍රධාන කොට චන්දිමාල්ට ඒම ස්ථානය වෙන්වී තිබේ.

අතිරේක පිතිකරුවකු කණ්ඩායමට පැමිණීම මත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනකු වශයෙන් තරගයට අවතීර්ණව සිටියි. දඟ පන්දු යවන්නන් ලෙසින් රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණියද වේග පන්දු යවන්නන් ලෙසින් විශ්ව ප්‍රනාන්දුගේ සහායකයා ලෙස අසිත ප්‍රනාන්දුද තරගයට අවතීර්ණව සිටිති.

මේ අතර හදිසි අනතුරකින් මරණයට පත් ඔස්ට්‍රේලියානු පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් වෙනුවෙන් තරගයට පෙරාතුව මිනිත්තු දෙකක නිශ්ෂබ්දතාවක් පැවැත්වීමටද දෙපිළේ ක්‍රීඩකයෝ සහ තරග බලධාරීන් කටයුතු කළහ. සයිමන්ඩ්ස් ගෞරව දැක්වීමක් වශයෙන් කණ්ඩායම් දෙකම අද දිනයේදී කලු පටි පැළඳ තරගයට ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශ කණ්ඩායම – මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන්, නජ්මුල් හොසේන්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, ශකීබ් අල් හසන්, නයීම් හසන්, තයිජුල් ඉස්ලාම්, ඛලීඩ් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest