slc
Home   |    News
මැයි 25, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සෞඛ්‍ය අංශයට ඩොලර් මිලියන 2 ක පරිත්‍යාගයක්

sinhala editor

රටේ සෞඛ්‍ය පද්ධතියට සහායවීම සඳහා ඩොලර් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකා  මුදලින් රුපියල් මිලියන 718 ක මුදලක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මැයි 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් මෙම මුදල් පරිත්‍යාගය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව ළමා රෝග ‌සඳහා වන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා කොළඹ ‘රිජ්වේ ආර්යා රෝහල’ වෙත ඇමරිකානු ඩොලර් මිලියනක මුදලක් පරිත්‍යාග කෙරෙන අතර ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියනක මුදල පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ජාතික පිළිකා රෝහල වෙත ලබා දෙනු ඇත.

“රටට උපකාර අවශ්‍ය මේ මොහොතේදී මෙම පරිත්‍යාගය කිරීමට හැකිවීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින්ම සතුටට පත් වන අතරම, මෙම අභියෝගාත්මක අවස්ථාව ජය ගැනීම සඳහා අපගේ ජාතියට අපේ උපරිම සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙනවා” යැයි අදාළ පරිත්‍යාගය සිදුකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

මෙම හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම මූල්‍ය පරිත්‍යාගය අදාළ ආයතනවල නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකරනු ඇත .  

“හැම විටම කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට සහයෝගය ලබා දෙන අපගේ ජනතාවට උපකාර කිරීමට පෙරට පැමිණීමට සුවිශේෂී ක්‍රීඩා සන්නාමය වන අපගේ වගකීමක් ලෙස අප සලකනු ලබනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest