slc
Home   |    News
මැයි 9, 2022
ශ්‍රී ලංකා ටෙස්ට් පිල බංග්ලාදේශයට

sinhala editor

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට අයත් බංග්ලාදේශයට ඒරෙහි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 08 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර සිටියද නායක දිමුත් කරුණාරත්න සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වන විට විදෙස් ගතව සිටින බැවින් ක්‍රීඩකයින් 16 දෙනෙකු සමන්විත විය. දිමුත් කරුණාරත්න මේ වන විටත් ඒංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන අතර චාමික කරුණරත්න ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීම සදහා පිටව ගොස් සිටියි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම ලබන සඳුදා (09 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඒකතුවීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් ක්‍රිස් සිල්වර්වුඩ් මහතා මෙන්ම සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පුහුණකරු තනතුරට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගාවලිය වන්නේ ලබන 15 වැනිදා චැටෝග්‍රෑම්හි ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වේ. 19 වැනිදා දක්වා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව මැයි 23 වැනිදා සිට 29 වැනිදා දක්ව දෙවැනි ටෙස්ට් තරගය ඩකාහි පැවැත්වෙනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ දක්වා තරග 4 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කන්ඩායම ඉන් තරග 2 ක් ජයගෙන තරග 2 ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණ 24 ක් ලබා ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන්නේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest