slc
Home   |    News
ජූනි 15, 2022
ඉන්දීය කාන්තා පිල 18 දා ශ්‍රී ලංකාවට

sinhala editor

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජුනි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරග සංචාරය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් පැවැත්වීට නියමිතය.

කාන්තා එක්දින ලෝක ශූරතාවය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් තරග 3 කින් සමන්විත ඒක්දින තරගාවලිය පැවැත්වෙන අතර එම තරග සියල්ල පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජුනි 23 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර එම තරග 3 ම රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව ජූලි මස 01 වැනිදා එක්දින තරගාවලිය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest