slc
Home   |    News
ජූනි 19, 2022
ඔස්ට්‍රේලියානුවන්ගෙන් ලකුණු 292 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මට්ටු කිරීම සදහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහාය ලබා ගත්තද ‘ඒ’ කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායමට උසස්වීමක් ලද ට්‍රේවිස් හෙඩ්ව නවතාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 292 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීමට අද (19 දා) පස්වරුවේ සමත්විය.

මන්දගාමී වූත් වැඩි දඟ කැවීමකින් යුත් ප්‍රේමදාස තණතීරුවේදී ලකුණු 121 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු දැවී ගොස් සිටියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් කේරිට එක්වූ ට්‍රෙවිස් හෙඩ් පන්දු 80 කදී ගොඩනංවන ලද ලකුණු 72 ක සම්බන්ධතාව ඔස්ට්‍රෙලියානු පිලට ලකුනු 300 සීමාව ආසන්නයට යෑමට ප්‍රධාන අඩිතාලම බවට පත්විය.

ජෙෆ්රි වැන්ඩර්සි ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රෙලියානු ඉදිරි පෙළ පිතිකරුවන් අසීරුතාවයෙන් මුහුණ දෙද්දී ට්‍රෙවිස් හෙඩ් නොසැළී සිය අන්තය ආරක්ෂා කර ගත්තා පමණක් නොව 6 වැනි සහ 7 වැනි කඩුලු වෙනුවෙන් සාර්ථක සම්බන්ධතා එක් කරමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව කරා සිය කණ්ඩායම රැගෙන යෑමට සමත්වූහ. අද තරගයට පෙර තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින තරග 17 කට සහභාගිව ඇති ඔස්ට්‍රෙලියානුවෝ රැස් කර ඇති ඉහළම කුණු සංඛ්‍යාව වූයේ 1996 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 263 විය.

පිටියට ආ විගසම වෙල්ලාලගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දුන්නද එය ධනංජය ද සිල්වාගේ අතින් ගිලිහී යෑමෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට වරම් ලබාගත් මැක්ස්වෙල් පන්දු 18 කදී ලකුණු 33 ක් රැස් කළේය. වෙල්ලාගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකීමත් සමඟ පිටියෙන් ඉවත් වන විටත් හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී වේගවත් ලකුණු 40 ක් එක් කිරීමට මැක්ස්වෙල් දායකත්වය ලබා දුන්නේය.

වඩාත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සිගේ මැක්ස්වෙල්ගේ කඩුල්ලත් සමඟ සිය පන්දුවාර 10 දී ලකුණු 49 කට කඩුලු 3 ක් වශයෙන් අහවර කරගත්තේය. මැක්ස්වෙල්ගේ කඩුල්ලට අමතරව තමා යන වල පන්දු 8 ක් ඇතුළත දවාගත් මානස් ලබුෂේන් (29( සහ නායක ඇරන් ෆින්ච් (62) කඩුල්ද ඇතුළත් විය.

මැක්ස්වෙල්ගේ පිටවීමත් සමඟ කැමරන් ග්‍රීන්ට එක්වූ ට්‍රවිස් හෙඩ් පන්දු 33 කදී වේගවත් ලකුණු 58 ක් එක් කළේ අඩු ලකුණු සංඛ්‍යාවකට ඔස්ට්‍රේලියානුවන් සීමා කිරීමට ශ්‍රී ලංකාව තබා තිබූ සියලු බලාපොරොත්තු සුළඟේ පා කර හරිමිනි. පළමු පන්දුවාර 40 අවසන් වන විට ලකුණු 193 ක්ව තිබූ ලකුණු පුවරුවට අවසන් පන්දු 60 දී ලකුණු 98 ක්  එක් කිරීමට මොවුන් තිදෙනාගේ අනුකම්පා විරහිත පිතිහරඹයට හැකි විය.

හෙඩ්ට අමතරව ඔස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කළ අනෙක් පිතිකරුවා වූයේ කඩුලු රකින ඇලෙක්ස් කේරිය. ඔහු  පන්දු 52 කදී අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ධනංය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදහකට හසුවීමෙනි. පන්දු යැවීමට පැමිණි මුල් පන්දුවාර කීපයේදී ඉතාමත් හොඳින් පන්දු යැවීමේ නිරතවුවද අර්ධ ශතකය වාර්තා කිරීම වෙනුවෙන් හෙඩ් එල්ල කරන ලද හයේ පහරත් සමඟ වෙල්ලාගේ දැඩි ප්‍රහාරයකට ලක්වූයේය. පළමු පන්දුවාර 9 ලකුණු 35 ට සීමා කළ තිබූ වෙල්ලාලගේගේ අවසන් පන්දුවාරයට හයේ පහර 3 ක් සමඟ ලකුණු 21 ක් රැස් කිරීමට ට්‍රෙවිස් හෙඩ් සමත්වීම නිසා ඔහුගේ පන්දු යැවීම පන්දුවාර 10 කදී ලකුණු 56 කට එක් කඩුල්ලක් ලෙසින් ‌ඉහළ ගියේය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest