slc
Home   |    News
ජූනි 1, 2022
ඔස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට එයි

sinhala editor

ජුනි මස 07 වැනිදා ආරම්භ වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (ජුනි 01 දා) කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

කාණ්ඩ දෙකක් වශයෙන් මෙරටට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් පිරිසක් අද රාත්‍රියේ පැමිණිමට නියමිතය. දින 52 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 කදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙනු ඇත.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වෙනු ඇත.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය: පැට් කමින්ස් (නායක), ඇෂ්ටන් ඒගාර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක් ,මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්.

ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය: ඇරන් ෆින්චි, ඇෂ්ටන් ඒ්ගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, කැමරන් වයිට්, ජොස් හැස්ල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොස් ඉන්ග්ලිෂ්, මාර්නස් ලබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්.

ඕස්ට්‍රේලියානු විස්සයි-20 සංචිතය: ඇරන් ෆින්ච් (නායක), ෂෝන් ඇබොට්, ඇෂ්ටන් ඒ්ගර්, ජොෂ් හැස්ල්වුඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජායි රිචර්ඩ්ස්, කේන් රිචර්ඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාර්කස් ස්ටොයිනිස්, මිචෙල් සෙව්සන්, ඩේවිඩ් වෝනර්, මැතිව් වේඩ්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest