slc
Home   |    News
ජූනි 2, 2022
ඔස්ට්‍රේලියාවට එරෙහි සටනේදී ‘මාලිංගගේ’ සහාය ශ්‍රී ලංකාවට

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරු ලෙස හිටපු විස්සයි-20 නායක වේග පන්දු යවන ලසිත් මාලිංගගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගාවලිය තුළදී ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීමත්,  ඔහු සතු පන්දු යැවීමේ උපායමාර්ගික දැනුම මෙන්ම තාක්ෂණික විශේෂඥතාව පන්දු යවන්නන් වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ඒම තනතුරට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

විශේෂයෙන්ම විස්සයි-20 ආකෘතියේ තරග වලදී මාලිංග සතු අති විශාල අත්දැකීම් සහ අවසන් පන්දුවාර කීපය යැවීමේදී ඔහු සතුව පවතින උපායමාර්ගික දැනුම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට බෙහෙවින්ම ප්‍රයෝජනයට ගනු හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

මාලිංග මෙම තනතුරට පත්වුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර මෙම වසර මුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදීද මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ උපායමාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest