ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරු ලෙස හිටපු විස්සයි-20 නායක වේග පන්දු යවන ලසිත් මාලිංගගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
තරගාවලිය තුළදී ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීමත්, ඔහු සතු පන්දු යැවීමේ උපායමාර්ගික දැනුම මෙන්ම තාක්ෂණික විශේෂඥතාව පන්දු යවන්නන් වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ඒම තනතුරට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
විශේෂයෙන්ම විස්සයි-20 ආකෘතියේ තරග වලදී මාලිංග සතු අති විශාල අත්දැකීම් සහ අවසන් පන්දුවාර කීපය යැවීමේදී ඔහු සතුව පවතින උපායමාර්ගික දැනුම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට බෙහෙවින්ම ප්‍රයෝජනයට ගනු හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.
මාලිංග මෙම තනතුරට පත්වුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර මෙම වසර මුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදීද මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ උපායමාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.