slc
logo
Home   |    News
ජූනි 16, 2022
ඔස්ට්‍රේලියාවට පන්දුවාර 43 කදී ලකුණු 216 ක ඉලක්කයක්

sinhala editor

පල්ලකැලේ ක්‍රීඩාගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ තාවකාලිකව නවතා දමන විට පන්දුවාර 47.4 කදී කඩුලු 9 කට ලකුණු 220 ක් ලබා සිටියේය. දිගින් දිගටම වර්ෂාව පැවැතීම නිසා ශ්‍රී ලංකා ඉනිම නවතා දැමූණා පමණක් නොව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉලක්කයද පන්දුවාර 43 කදී ලකුණු 216 ක් ලෙසින් සංශෝධණය කෙරිණ.

නම් දරා සිටි පිතිකරුවන් සියල්ල 44 වැනි පන්දුවාරය වන විට නරඹන්නන් වුවත් අවසන් කඩුල්ලට එක්වූ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 21 නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

48 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යොමු කිරීමත් නවතා දැමුණු තරගයේදී තීක්ෂණ පන්දු 14 කදී ලකුණු 11 ක් සහ චමීර පන්දු 18 කදී ලකුණු 7 ක් ලබා සිටියහ. පළමු තරගය මෙන් නොව දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාස තබමින් දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අද තරගයට අවතීර්ණ විය. බලාපොරොත්තු වූ පීඩනය ශ්‍රී ලංකාවට එල්ල කළ ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෝ දැවී ගිය කඩුලු 9 න් 5 ක්ම දවා ගැනීමට සමත්වූහ.

දඟ පන්දු යවන්නන්ට සහයෝගය දක්වනු ලබන පල්ලකැලේ තණතීරුව මතු පිට නව පන්දුවත් සමග ධනුෂ්ක ගුණතිලකව දවා ගත් වේග පන්දු යවන පැට් කමින්ස් මැද පෙළ සහ ඉනිමේ අවසන් භාගයේද කඩුලු 4 ක් දවාලමින් ශ්‍රී ලංකාව අසීරුවට ඇද දැමීය. වර්ෂාව ඇද හැළෙන විටත් සිය 9 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි කමින්ස් ලකුණු 35 ක් පමණක් ලබා දී තිබුණේය.

අද තරගයේදී මංගල එක්දින වරම් දිනාගත් මැතිව් කුනේමන් මංගල පන්දු යැවීම පන්දුවාර 10 කදී ලකුණු 48 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් කරගත්තේය. පළමු තරගයේදී ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ ග්ලෙන් මැකිස්වෙල්ද ලකුණු 35 කට කඩුලු 2 ක් සහ තෙවැනි දඟ පන්දු යවන්නා ලෙසින් එක්වූ මිචෙල් ස්වෙප්සන් එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

වේග පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම ඔස්ට්‍රේලියානුවන්ගේ සාමාන්‍ය සිරිත වුවත් මෙම තරගයේ ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 47.4 න් පන්දුවාර 32 ක්ම දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කිරීම කැපී පෙනිණ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 35 කදී දවා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වුවද තෙවැනි කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුණු 67 ක සම්බන්ධතාවක් එක් කළහ. ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නාගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ ධනංජයගේ ඉනිම ලකුණු 34 කදී නිමාවට පත්විය. ධනංජයගේ දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 12 ක් එකතු වන අතර වාරයේදී කුසල් මෙන්ඩිස්ද දැවී යෑම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් විය.

පළමු තරගයේදී එක්දින වරම් දිනාගත්තද පන්දුවට පහර දීමට අවස්ථාව නොලද දුනිත් වෙල්ලාලගේ අද පළමු වතාවට පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. පළමු ඉනිම නිසාවෙන්දෝ පළමු පන්දු කීපයේදී ලකුණක් රැස් කිරීමට අසමත් වුණු වෙල්ලාලගේ පන්දු 35 කදී ලකුණු 20 ක් රැස් කර ගත්තේ මිචෙල් ස්වෙප්සන්ට හයේ පහරකින්ද සංග්‍රහ කරමිනි.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar