slc
Home   |    News
ජූනි 15, 2022
ඕස්ට්‍රේලියා ‘ඒ’ 379 යි

sinhala editor

ශ්‍රී ලංකා  “ඒ”  සහ ඕස්ට්‍රේලියා “ඒ”  කණ්ඩායම් අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී  අද (14) ආරම්භ වු සිව්දින  නිල නොවන ටෙස්ට්  තරගයේදී මුලින් පන්දුවට පහරදුන්   ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම දිනයේ තරග නිමවීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදී සියලු ක්‍රීඩකයන් දැවී ප්‍රථම ඉනිම වෙනුවෙන්  ලකුණු 379ක් ලබා සිටියේය.

ඕස්ට්‍රේලියා “ඒ”  පන්දුවට පහරදීම  ඇරැඹු අවස්ථාවේ  ආරම්භක පන්දු යවන දිල්ෂාන් මධුශංඛ සිය දෙවන සහ තුන් වන පන්දුවාරයන්හි මැට් රෙන්ෂෝ (02), නායක මාකස් හැරිස් (00), සහ  හෙන්රි හෙන්ට් (00) මුළු ලකුණු 15 වන විට දවාලුවේ  පන්දු  කෙළින්ම කඩුල්ලේ වද්දවමිනි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම 22 වන පන්දුවාරය වන විට කඩුලු පහකට ලකුණු 98ක් පමණ ලබා සිටියත් හයවන කඩුල්ලට ජොස් පිලිප් සහ ඒරන් හාඩ්  ලකුණු 125 ක  සබඳතාවයකින් සහ අටවන කඩුල්ලට නේදන් මැක් ඇන්ඩෘ සහ  මාර්ක් ස්ටෙකෙටී  ලකුණු 118 ක  සබඳතාවයකින්ද එම තත්ත්වය වෙනස් කර ගැනීමට දායක වූහ.

ශ්‍රී ලංකා  “ඒ”  පන්දුව යවන්නන් අතුරින්  සාර්ථකම පන්දු යවන්නා වු දිල්ෂාන් මධුශංඛ කඩුලු හතරක්ම දවාලුවේ ලකුණු62ක් ලබා දෙමිනි . මීට අමතරව සුමින්ද ලක්ෂාන් සහ ලක්ෂාන් මනසිංහ කඩුලු තුන බැගින් දවාලුහ.

ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. වමතින් මද වේග පන්දු යවන දිල්ෂාන් මධුශංඛ සිය  ප්‍රථම  පන්දුවාර තුන  විශිෂ්ට  ලෙස යවමින් කඩුලු  තුනක් දවාලීමට සමත් විය. මධුෂාන් සිය දෙවන පන්දුවාරයේ ප්‍රථම  පන්දුවේදී   මැට් රෙන්ෂෝ (02) එම පන්දුවාරයේ තෙවන පන්දුවට මාකස් හැරිස්ද (00) සිය තුන්වන පන්දු වාරයේ සිව්වන පන්දුවේදී හෙන්රි හන්ට්ද (00) දවාලමින් එංගලන්ත “ඒ” කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්කළේ ඉනිම ආරම්භයේදීමය. 21 හැවිරිදි දිල්ෂාන් මධුශංඛ හුංගම විජයබාහු විදුහලේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයෙකි.

දිල්ෂාන් මධුශංඛ සිය සිව්වන කඩුල්ල දවාලූවේ ඉනිමේ අවසාන පිතිකරු ලෙස දිගු සටනක නියැලුණු නේදන් මැක් ඇන්ඩෲ (92) දවාලමිනි. ඕස්ට්‍රේලියා “ඒ” වෙනුවෙන් වැඩිම ලකුණුලාභීන් වූයේ ජොස් පිලිප් ලකුණු 94ක්ද (පන්දු 102යි හතරේ හතයි හයේ තුනයි) නේදන් මැක් ඇන්ඩෲ ලකුණු 92ක්ද (පන්දු 132යි හතරේ පහයි) ඒරන් හාඩි ලකුණු 62ක්ද (පන්දු 83යි හතරේ පහයි)  මාර්ක් ස්ටෙකෙටි ලකුණු 47ක්ද (පන්දු 83යි හතරේ හතරයි) ට්‍රාවිස් හෙඩ් ලකුණු 39ක්ද රැස්කළහ.

ඕස්ට්‍රේලියා “ඒ” පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 379 යි –  (ජොස් පිලිප් 94, නේදන් මැක් ඇන්ඩෲ 92, ඒරන් හාඩි 62, මාර්ක් ස්ටෙකෙටි 47, ට්‍රැවිස් හෙඩ් 39, දිල්ෂාන් මධුශංඛ 62/4, සුමින්ද ලක්ෂාන් 59/3, ලක්ෂාන් මනසිංහ 115/3)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest