slc
logo
Home   |    News
ජූනි 15, 2022
දෙවැනි තරගයට වනිඳු හසරංගගේ සහභාගිත්වය ‘අවිනිශ්චිතයි’

sinhala editor

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය අතරතුර පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග කලවයේ මස්පිඬු වල ආබාධයකට ගොදුරුවී තිබේ. මෙම තත්ත්වය මත ඔහුව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට කණ්ඩායම් වෛද්‍ය අංශය පියවර ගෙන තිබේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා තවත් ඉතිරිව ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයක් නමුත් වනිඳුගේ සහභාගිත්වය හෙට තරගය සඳහා යොදා ගැනීම කෙරෙහි කණ්ඩායම් කලමනාකාරීත්වයේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය වනිඳුගේ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ගැනීමට නියමිතය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest