slc
Home   |    News
ජූනි 3, 2022
පාකිස්තානු ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියත් ජය ගනිති

sinhala editor

පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03 දා) සහභාගිවුණු දෙවැනි එක්දින තරගයෙන්ද සත්කාරක පාකිස්තානය හමුවේ ලකුණු 73 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව දෙරට අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පරිදිම තවත් තරගයක් ඉතිරිව තිබියදීම ඒක්දින තරගාවලිය ජය ගැනීමට සත්කාරක පාකිස්තානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කරච්චිහි පැවැති මෙම තරගයේදී සිද්‍රා අමීන් රැස් කරන ලද ලකුණු 123 ක සුවිශේෂී ඉනිමද සමඟ මුනිබා අලී එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 158 ක සම්බන්ධතාවත් ෆාතිමා සනා කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීමත් පාකිස්තානු ජයග්‍රහණයේ කැපී පෙනෙණ. අමීන්ගේ එක්දින තරග දිවියේ දෙවැනි ශතකය ලෙසින් සටහන් වුණු අද ශතකය සදහා ඇය පන්දු 150 කට මුහුණ දුන්නාය. මෙම ලකුණු සංඛ්‍යාව පාකිස්තානු පිතිකාරිණියක විසින් එක්දින තරගයකදී රැස් කරන ලද දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන්වීමද කැපී පෙනුණි.

එම ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 2 ක ලකුණු 253 ක් රැස් කිරීමට පාකිස්තානු කණ්ඩායමට හැකිවිය. ඒ වෙනුවෙන් මුනීබා අලි පන්දු 100 කදී ලකුණු 56 කින් දායකත්වය දැක්වූවාය.

එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. පළපුරුදුම ක්‍රීඩිකාව වන චමරි අතපත්තු යළිත් අසාර්ථක වද්දී මැද පෙළින් පැමිණි කවීෂා දිල්හාරි ලකුණු 32 ක්ද උප නායිකා හර්ෂතා මාධවී ලකුණු 41 ක්ද ලබා ගත්හ. හන්සිමා කරුණරත්න ලකුණු 27 සීමාව ඉක්මවාලද්දී ප්‍රසාදිනී වීරක්කොඩි පමණක් ලකුණු 20 ක් ලබාගත් සෙසු එකම පිතිකාරිණිය බවට පත්වූවාය.

පාකිස්තානය පන්දුවාර 50 කදී කඩුලු 2 ට ලකුණු 253 යි – සිද්‍රා අමීන් 123, මුනීබා අලී 56, බිස්මා මරූෆ් 36*, නිදා දර් 10*,  ඔෂදී රණසිංහ 44/1, කවීෂා දිල්හාරි 43/1

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 180 යි – හර්ෂිතා මාධවී 41, කවීෂා දිල්හාරි 32, නිලක්ෂි ද සිල්වා 17, චමරි අතපත්තු 16, හන්සිමා කරුණාරත්න 27, ප්‍රසාදිනී වීරක්කොඩි 20,  ෆාතිමා සනා 26/4, ඔමායිමා සොහෙයිල් 35/2

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest