slc
Home   |    News
ජූනි 16, 2022
ලකුණු 317 කින් ඕස්ට්‍රේලියා ʽʼ පිල පෙරමුණට

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා ʽඒʼ – ඕස්ට්‍රේලියා ʽඒʼ සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දින නිමාවට පත්වන විට ඕස්ට්‍රේලියා ʽඒʼ කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු පහකට ලකුණු 212ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිල  තවත් ඩූ 5 ක්ද අත ඇතිව ලකුණු 317 ක් පෙරමුණෙන් සිටියි.

ඕස්ට්‍රේලියා ʽඒʼ ප්‍රථම ඉනිමේ  රැස් කළ ලකුණු 379 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා  ʽඒʼ සිය ප්‍රථම ඉනිම අද (16) නිමා කළේ ලකුණු 274 ක් ලබා සිටියදී ය.

තේ පානයට මඳ වේලාවකට පෙර ඕස්ට්‍රේලියා ʽඒʼ කඩුලු පහකට ලකුණු 212ක් ලබා සිටියදී අයහපත් කාලගුණයේ බලපෑම මත තරගය නතර කෙරුණු අතර යළි තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවිණ.

තෙවන දිනයේදී ශ්‍රී ලංකා ʽඒʼ වෙනුවෙන් කැපී පෙනුණ ක්‍රීඩකයා වූ ලක්ෂිත මනසිංහ වන අතර ඔහු ලකුණු 35ක් රැස් කරගත්තේය.අනතුරුව පන්දු යවමින් ඔස්ට්‍රේලියානු පිලේ කඩුලු දෙකක්ද දවාලීමට සමත්වූවේය.

දෙවන දින (15) තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණු 250ක් ලබා සිටි ශ්‍රී ලංකා ʽඒʼ කණ්ඩායම අද නැවත තරගය ආරම්භ කිරීමෙන් පසුව ඉතිරි කඩුලු දෙක පන්දුවාර 8.1ක් තුළ දැවී ගියේ ලකුණු 24 කින් ලකුණු සංඛ්‍යාව ඉහළ යමිනි. දෙවැනි දින නොදැවී ලකුණු 21ක් ලබා සිටි ලක්ෂික මනසිංහ ඉනිමේ අවසාන පිතිකරු ලෙසට ලකුණු 35කට දැවී ගියේ පන්දු 61කට මුහුණදී හතරේ හයක් සමග ය. මේ අනුව ඕස්ට්‍රේලියා ʽඒʼ ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් සිටියේ ලකුණු 105 කිනි.

ඕස්ට්‍රේලියා ʽඒʼ දෙවන ඉනිමේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා නායක  මාකස් හැරිස් (32) සහ මැට් රෙන්ෂෝ (32) පළමු විකට්ටුවට ලකුණු 61ක්  රැස් කිරිමෙන් පසු මුළු ලකුණු 67ක් වන විට කඩුලු තුනක්ම බිඳ වැටුණි.

පසුව සිව්වන කඩුල්ලට නික් මැඩින්සන් (59) සහ ජෝෂ් පිලිප් (69) සිව්වන කඩුල්ලට ලකුණු 111ක් රැස් කරමින් ලකුණු සංඛයාව 178 දක්වා ඉහළ නැංවූහ. මැඩින්සන් ලකුණු 178 දීත් පිලීප් ලකුණු 212 දීත් දැවීයාමත් පසු ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු පහත් දැවී ලබා සිටියේ 208කි.

සවස තේ පානයට මද වේලාවකට පෙර අයහත් කාලගුණික තත්ත්වය මත ඕස්ට්‍රේයා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 212 ක් ලබා සිටියදී  තරගය නතර කැරිණි.

ඕස්ට්‍රේලියා ʽʼ ප්‍රථම  ඉනිම පන්දුවාර 88.1 කදී සියල්ල දැවී 379 යි – (ජෝෂ්  පිලීප්  94, නේදන් මැක් ඇන්ඩෘ 92, ඒරන් හාඩි 62, මාර්ක් ස්ටේකට් 47, ට්‍රවිස් හෙඩ් 39, දිල්ෂාන් මධුෂංඛ 62/4, සුමින්ද ලක්ෂාන් 59/3, ලක්ෂිත මනසිංහ 119/3) සහ දෙවන ඉනිම කඩුලු 5ට 212 (ජෝසප් පිලිප් 69, නික් මැඩින්සන් 59, මාකස්  හැරීස් 32, මැට් රෙන්ෂෝ 32, ලක්ෂිත මනසිංහ 83/2, දිල්ෂාන් මධුෂංඛ 43/1, සුමිඳු ලක්ෂාන් 16/1)

ශ්‍රී ලංකා ʽʼ පන්දුවාර 79.1 කදී සියල්ල දැවී ලකුණු 274 යි – (නුවනිඳු ප්‍රනාන්දු 86, ළහිරු උදාර 50, පබසර වඩුගේ 30, ලක්ෂිත මන සිංහ 35, සදීර  සමරවික්‍රම 29, ටොඩ්  මර්ෆී 67/4, මාක් ස්ටේකෙටි 51/3, මැතිව් කුනමන් 41/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest