slc
Home   |    News
ජූනි 14, 2022
විස්සයි-20 ජයත් සමඟ ශ්‍රී ලංකාව බලාපොරොත්තු සහගතව ක්දින තරගාවලියට

sinhala editor

By Chamila Karawita

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (14 දා) ආරම්භ වන තරග 5 කින් සමන්විත ක්දින තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීම සඳහා බොහෝ දුරට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා ක්දින පිලේ නායක දසුන් ශානක සඳහන් කර සිටියි.

දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 2.30 ට ආරම්භ වන මෙම තරගය සම්බන්ධව අද (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී එක්දින නායකයා ඉහත කරුණු අවධාරණය කර සිටියේය. “දුනිත් කියන්නේ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන කෙනෙක්. එයාට හෙට තරයේදී ක්‍රීඩා කිරීමට ලොකු අවස්ථාවක් තියෙන්න පුලුවන්” යි දසුන් අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි දසුන් ශානක, විස්සයි-20 තරගාවලියේදී පවත්වාගෙන ආ සංයුතියම එක්දින තරගාවලියේදීද පවත්වාගෙන යෑමට අදහස් කර සිටින බව සඳහන් කර සිටියේය. 2-1 ක් ලෙස විස්සයි-20 තරගාවලිය පරාජයට පත් වුවත්, අවසන් තරගය ජය ගැනීම වෙනුවෙන් දසුන් ශානක දියත් කළ පිතිහරඹය තරගය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව ප්‍රතිවාදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමටද කලකට අමතක නොවනු ඇත.

17 වැනි පන්දුවාරයේ සිට 20 වැනි පන්දුවාරය දක්වා දසුන් දියත් කරන ලද පිතිහරඹය, හුදෙක්ම එම තරගයේ ජයග්‍රහණයට පමණක් සීමාවූවක් යැයි සිතිය නොහැක්කක් වන්නේ ඊට දින 2 කට පසු මෙම එක්දින තරගාවලියද ආරම්භ වන බැවිනි. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ජනිත වුණු ආත්ම විශ්වාසය හෙට දිනයේදීත් රඳවා ගැනීමට සමත්වන්නේ නම් ඔස්ට්‍රේලියාවට එරෙහිව වන එක්දින තරගාවලියේ වඩාත් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතු වනු ඇත.

විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවේ උපක්‍රමය වූයේ පිතිකරුවන් 6 දෙනෙකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟින් තරගයට අවතීර්ණවීමයි. වෙල්ලාලගේ ගැන අවධානය යොමු කිරීමේදී බොහෝ විට එම ස්ථානය වමත් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම අතර සටනක් බවට පත්වනු ඇත. මෙහිදී ප්‍රවීන්ට නොමැති, වෙල්ලාලගේට ඇති තවත් සුදුසුකමක් වන්නේ මැද පෙළ පිතිකරුවකු ලෙසින් ද දස්කම් අතරට පැමිණීමට ඇති හැකියාවයි. එබැවින් දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමග හෙට තරගයට ශ්‍රී ලංකාව පිවිසිය හොත් වෙල්ලාලගේට හෙට එක්දින වරම් හිමිවීමේ වැඩි ඉඩ කඩක් පවතිනු ඇත.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙල්ල කිරීමට හැකි පන්දු යැවීමේ බල ඇණියක් ශ්‍රී ලංකාව සතු බව අවිවාදිතය. එහෙත් ඔවුන්ට සිය කාර්යය සිදුකිරීමට නම් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට දැමීම පිතිකරුවන්ගේ වගකීම වනු ඇත. වර්තමාන එක්දින තරග රිද්මය අනුව ලකුණු 300 ක් යනු හඹා යෑම එතරම් අසීරු ඉලක්කයක් නොවන බැවින් ඊට වඩා හැකි අයුරින් ලකුණු පුවරුව ඉහළ දැමීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වග බලා ගත යුතු වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන ලීග් තරගාවලියට මෙම තරගාවලිය ඇතුළත්ව නොමැත. එබැවින් මෙයින් ලබන ජයග්‍රහණ සුපර් ලීග් තරගාවලියේ ඉහළට යෑමට කණ්ඩායම් දෙකටම ඵලක් නොවනු ඇත. ඔස්ට්‍රේලියාව යනු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැදී සිටින කණ්ඩායම වන බැවින් එම ශ්‍රේණියේ 8 වැනි ස්ථානය දක්වා පහළ ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් ඉදිරියට පැමිණීමට මෙම තරගාවලිය බෙහෙවින් ඉවහල් වනු ඇත.

“මම හිතන්නේ නෑ  මේ තරගාවලියේදී අපේ ගොඩක් දුර්වලතා තියෙනවා කියලා. අපි පසුගිය තරග මාලාවන් ගත්තොත් දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේට එරෙහිව හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. අපේ මානසික තත්ත්වය ඉතා හොඳයි. පිතිකරණයේ ශක්තිමත් භාවය මත මම හිතන විදියට තරගාවලියේ ජයග්‍රාහකයින් තීරය කරයි. නායකයෙක් විදියට අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කරයා කියලා මම විශ්වාස කරනවා” යි දසුන් සිය පිතිකරණ ශක්තිය පිළිබඳව සඳහන් කර සිටියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙකුම ආබාධයකට ලක්ව සිටිති. ඒ අතර මිචෙල් ස්ටාර්ක් සහ කේන් රිචර්ඩ්සන් පසුවන අතර රිචර්ඩ්සන් මේ වන විටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ඔහු ආබාධයකට ලක්ව සිටියි. ඇඟිල්ල තුවාල වීම නිසා ස්ටාර්ක්ට පළමු තරග දෙක හො තුන මඟ හැරෙනු ඇති නමුත් හැකි ඉක්මනින් කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තු ඇතිව ඔහු කණ්ඩායම සමඟ රැදී සිටියි. ස්ටාර්ක් වෙනුවට ජායි රිචර්ඩ්සන්ව කණ්ඩායමට කැඳවා තිබෙන අතර කේන් රිචර්ඩ්සන් වෙනුවට ස්කොට් බෝලන්ඩ්ව කණ්ඩායමට කැඳවා ති‌ේ.  

ක්දින කණ්ඩායම්

ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සි, ළහිරු මධුශංක, ප්‍රමෝද් මදුශාන්.

ඔස්ට්‍රේලියාව – ඒරන් ෆින්චි (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, මානස් ලැබුෂේක්, ඇලෙක්ස් කේරි, මාකස් ස්ටොයිනිස්, ග්ලෙන් මැස්වෙල්, ඇෂ්ටන් ඒගාර්, පැට් කමින්ස්, ජායි රිචර්ඩ්සන්, ජොෂ් හැසල්වුඩ්, ස්කොට් බෝලන්ඩ්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest