slc
Home   |    News
ජූනි 10, 2022
වෙල්ලාලගේ එක්දින පිලට

sinhala editor

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දුනිත් වෙල්ලාලගේව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වීමත් සමඟ තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්වී සිටින වෙල්ලාලගේ වමතින් දඟ පන්දු යවන මැද පෙළ පිතිකරුවෙකි. එම තරගාවලියෙන් පසු පවත්වන ලද නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියටද ක්‍රීඩා කිරීමට වරම් ලද දුනිත් අනතුරුව නැගී එන කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් සඳහාද ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබුවේය.

මරදාන ශාන්ත ජෝෂප් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටින දුනිත් ජාතික කර්තව්‍ය්‍යට කැඳවන ලද පළමු අවස්ථාව මෙය වන්නේය. මීට අමතරව නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේග පන්දු යවන්නකු ලෙසින් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින දකුණතින් පන්දු යවන ප්‍රමෝද් මධුශාන් හම්බන්තොට තේරපුත්ත විදුහලේ ආදි සිසුවෙකි. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ප්‍රමෝද් පළමු පෙළ තරග 31 කදී කඩුලු 63 ක්ද පළමු පෙළ එක්දින තරග 41 කදී කඩලු 45 ක්ද බිඳ හෙළීමට සමත්ව සිටියි.

මීට අමතරව නම් කරන ලද 21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ශාරීරික යෝග්‍යතාවය අසමත්ව කණ්ඩායමට පැමිණීමට අවස්ථාව අහිමි වුණු භානුක රාජපක්ෂවද එක් කර තිබේ. මේ අතර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට නම් කර සිටියදී ආබාධයකට ලක්ව එම තරගාවලිය අහිමි වුණු ළහිරු මධුශංක කෙරෙහිද තේරීම් කමිටුව විශ්වාසය තබා තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ආබාධයක් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය අහිමි වුණු පා දඟ පන්දු යවන වනිඳු හසරංගද ඇතුළත්ව සිටියි. මීට අමතරව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියට ඇතුළත්ව සිටි කමිඳු මෙන්ඩිස්, චාමික ගුණසේකර, නුවන් ප්‍රදීප් සහ ශිරාන් ප්‍රනාන්දුට මෙම තරගාවලියේ ස්ථාන අහිමිව තිබේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සි, ළහිරු මදුශංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest