slc
Home   |    News
ජූනි 3, 2022
සිංහ – කැංගරු සටනේ තරග නිලධාරීන් නම් කරයි

sinhala editor

මේ මස 07 වැනිදා සිට පුරා දින 50 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩාංගණ 3 ක පැවැත්වෙන තරගාවලියේ තරග නිලධාරීන් මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දෙරට අතර තරගාවලියේ තරග තීරකවරුන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට අමතරව ඉන්දීය ජාතික ජවගාල් ශ්‍රීනාත් මහතාත් මෙවර තරගාවලියේ තරග තීරකවරයකු ලෙස කටයුතු කරයි.

දෙරට අතර පළමුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සහ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී දේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතත් ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු පරිදි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ විනිසුරුවන්ගේ දායකත්වය ලබා ගැනීමට පියවර ගැනීම විශේෂත්වයකි.

ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියක් සඳහා විදෙස් රටවලින් තරග තීරකවරයකු සහ විනිසුරුවරුන් පැමිණෙන පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය සනිටුහන් වේ.

ඒ අනුව ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු පරිදි කුමාර් ධර්මසේන ප්‍රධාන විනිසුරුවරයකු ලෙස ඇතුළත් වද්දී සෙසු ප්‍රධාන විනිසුරුවන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ සාමාජිකත්වය ලද එංගලන්ත ජාතික මයිකල් ගෆ් සහ ඉන්දීය ජාතික නිටින් මෙනන් යන මහත්වරු මෙවර තරගාවලියේ විනිසුරුවෝ ලෙස කටයුතු කරති. ඔවුන් දෙදෙනාට අමතරව රුචිර පල්ලයගුරුගේ සහ ලින්ඩල් හැනිබල් මහත්වරුද ටෙස්ට් තරගාවලිය සදහා නම් කර සිටින විනිසුරු මඬුල්ලට ඇතුළත්ව සිටිති.

තරග තීරක සහ විනිසුරු මණ්ඩලය

තරග තීරකවරුන් – රංජන් මඩුගල්ලේ මහතා (අන්තර්ජාතික තරග තීරක මඩුල්ලේ ප්‍රධානී)

ජවගල් ශ්‍රීනාත් මහතා (අන්තර්ජාතික තරග තීරක මඩුල්ලේ සාමාජික)

ක්දින සහ විස්සයි-20 තරග සදහා නම් කරන ලද විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන (අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල, රුචිර පල්ලයගුරුගේ (අයි.සී.සී. විනිසුරු) , රවීන්ද්‍ර විමලසිරි (අයි.සී.සී. විනිසුරු), ලින්ඩල් හැනිබල් (අයි.සී.සී. විනිසුරු), ප්‍රගීත් රඹුක්වැල්ල (අයි.සී.සී. විනිසුරු)

ටෙස්ට් තරගාවලිය සදහා නම් කරන ලද විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල), මයිකල් ගෆ් (අයි.සී.සී, ප්‍රධාන විනිසුරු මඬුල්ල) , නිටින් මෙනන් (අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල), රුචිර පල්ලයගුරුගේ(අයි.සී.සී. විනිසුරු), ලින්ඩල් හැනිබල් (අයි.සී.සී. විනිසුරු)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest