slc
Home   |    News
ජූනි 2, 2022
සිංහ – කැන්ගරු සටනේ ප්‍රවේශ පත්‍ර සෙනසුරාදා සිට

sinhala editor

ලබන 07 වැනිදා සිට ආරම්භ වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර ජුනි මස 04 වැනිදා හෙවත් සෙනසුරාදා දිනයේ සිට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ.

ජුනි මස 07 වැනිදා ආරම්භ වන දෙරට අතර පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව තරග 5 කින් සමන්විත ඒක්දින තරගාවලියත් ඊට පස් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් පැවැත්වෙනු ඇත. තරගාවලිය නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රීඩා ලෝලීන්ට www.srilankacricket.lk නිල වෙබ් අඩෙවයෙන් වෙන්කරවා ගත හැකි වන අතරම ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා තිබෙන ප්‍රවේශපත්‍ර කවුලුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

මේ අතර පල්ලකැලේ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර පිළිවෙළින් ජුනි 08 වැනිදා සහ ජුනි 26 වැනිදා සිට මිලදී ගැනීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව උදාවෙනු ඇත. තරග පැවැත්වෙන දිනයන්හි ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත්‍ර අළෙවිය සිදු නොකරන අතර අන්තර්ජාල ඔස්සේ වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍රද තරගය පැවැත්වෙන දිනට පෙර දිනයේදී අදාළ ප්‍රවේශපත්‍ර කවුලුවලදී ගත හැකි වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රු. 300, 1500,  2500, 4000 සහ 5000 යන මිල ගණන් වලටද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග වල ප්‍රවේශ පත්‍ර රු. 300, 2000, 4000, 5000 සහ 6000 යන මිල ගණන් වලටද අලෙවි වන අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා රුපියල් 300, 500, 1000, 5000 සහ 7500 යන මිල ගණන් වලට අලෙවි වෙනු ඇත.

ගෙවී ගිය වසර 2 කට අධික කලයේදීම රට තුළ පැවැති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරග නැරඹීමේ අවස්ථාව සීමිත පිරිසකට උදාවුවත් මෙම තරගාවලියේදී මුලු ක්‍රීඩාංගණයම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් විවෘත කිරීමට සෞඛ්‍ය අංශ අවසර දී තිබීමද විශේෂත්වයක් වේ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest