slc
Home   |    News
ජූනි 11, 2022
හිමින් පන්දු යැව්වාට දසුන් ඇතුළු පිරිවරට දඩ

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි විස්සයි-20 තරගාවලියේදී නියමිත වේලාවට වඩා වැඩි වේලාවක් පන්දුවාර සංඛ්‍යාව යැවීම සඳහා ගත කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

දසුන් ශානක නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 යවා අවසන් කිරීමට නියමිත කාලයේදී පන්දුවාර 2 ක් අඩුවෙන් යවා තිබීම නිසා මෙම දඩය පැනවීමර තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද රංජන් මඩුගල්ලේ මහතා තීරණය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතියේ 2.22 වගන්තියට අදාළව මෙම දඬුවම ලබා දී තිබේ. මෙහි නියමිත කාලයේදී යවා අවසන් කිරීමට නොහැකි වන එක් පන්දුවාරයක් වෙනුවෙන් 20% ක දඩ මුදලක් ගෙවීමට කණ්ඩායමට නියම කරනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව දසුන් ඇතුළු කණ්ඩායම වැරැද්ද පිළිගැනීම නිසා මින් ඉදිරියට කිසිදු නඩු විභාගයක් සිදනොකෙරෙනු ඇත.

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest