slc
Home   |    News
ජූලි 5, 2022
දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් දොරටුව අභියස!

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව ජූලි 08 වැනිදා ආරම්භ වීමට දෙවැනි ටෙස්ට් තරගය සදහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දුනිත්ට මතරව මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහ ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ.

අලුතින් එක් කරන ලද මෙම ක්‍රීඩකයින් තිදෙනාම තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති වුවත් දුනිත් සහ මහීෂ් සුදු පන්දුව භාවිතයෙන් කෙරෙන තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ජාත්‍යන්තර වරම් ලබා නොමැති එකම ක්‍රීඩකයා වන්නේ ලක්ෂිත මානසිංහය.

ඉකුත් මසදී ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිල සමඟ පැවැති තරග 2 දී කඩුලු 13 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මානසිංහ සමත්වීමත් සමඟ ඔහුට ජාතික ටෙස්ට් කණ්ඩායමට පැමිණීම සඳහා දොරගුලු විවර වී තිබේ. ගෙවී ගිව වසරකට ආසන්න කාලයේදී එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නියෝජනය කිරීමට මහීෂ් වරම් ලැබුවද ඔහු තවමත් පළමු පෙළ ක්‍රීඩා කර ඇත්තේ තරග 3 කට පමණි.

19 හැවිරිද වෙල්ලාලගේ ඉකුත්දා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ තරග 5 දී කඩුලු 11 ක් දවා ලමින් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ටෙස්ට් සංචිතයේ ඔහු අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක් කළ තිබූ බැවින් ඔහු මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය නියෝජනය කළේය. සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 21 කට කඩුලු 5 ක් දවා ලමින් කෝල්ට්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවේය.

මූලික ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලද ප්‍රවීන් ජයවික්‍රමට කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා ඔහු දින 5 ක කාලයක් නීරෝධායනයට ලක් කර තිබේ. එබැවින් දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් වලට ඔහුගේ සහාය ලබා ගැනීමට තේරීම් කමිටුවට අවස්ථාව අහිමිව තිබේ. ඊට අමතරව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙනියටද පන්දු යවන්නකු ලෙස සාර්ථක රිද්මයක් පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා ඔහුව සංචිතයෙන් නිදහස් කර තිබේ.

දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ගාල්ල තණතීරුවේදී ඇඹුල්දෙණියට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවීම කැපී පෙනිණ. මොවුන් දෙදෙනාම දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් වලදී සලකා නොබලන බැවින් දෙවැනි ටෙස්ට් තරගයේදී බොහෝ දුරට දුනිත් වෙල්ලාලගේට ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩ කඩක් නිර්මාණය වී තිබේ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest