slc
logo
Home   |    News
ජූලි 10, 2022
පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේ නායකයත්වය නිපුන්ට

sinhala editor

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අනිමාවට පත්වීම් සමඟ ආරම්භවීමට නියමිත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට පෙර පාකිස්තානු පිල සහභාගිවන තෙදින පුහුණු තරගය හෙට (11 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ.

මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය නිපුන් ධනංජයට හිමිව තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග 2 ක ඇතුළත් වේ. තරගාවලියට සහබාගිවීම සදහා පාකිස්තානු කණ්ඩායම ජූලි මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 16 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය ලබන 24 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.  

1. ලහිරු උදාර

2. නිශාන් මධුෂ්ක

3. නුවනිදු ප්‍රනාන්දු

4. සධීර සමරවික්‍රම

5. නිපුන් ධනංජය (නායක)

6. සහන් ආරච්චිගේ

7. චාමික කරුණාරත්න

8. ලක්ෂිත මානසිංහ

9. ප්‍රවීන් ජයවික්‍රම

10. ඩිල්ෂාන් මධුශංක

11. ප්‍රමෝද් මධුෂාන්

12. ලසිත් ඇඹුල්දෙණිය

13. උදිත් මධුෂාන්

14. මිනෝද් භානුක

15. අශේන් බණ්ඩාර

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest