slc
logo
Home   |    News
ජූලි 19, 2022
පැතුම් සහ ලක්ෂිත යළිත් ටෙස්ට් පිලට

sinhala editor

පළමු ටෙස්ට් තරගය අතර තුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිදහස් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකව යළිත් දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් සදහා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ‌තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ අතර පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඇගිල්ලේ ආබාධයකට මුහුණ දුන් මහීෂ් තීක්ෂණගේ ස්ථානය සදහා නවක පිට දඟ පන්දු යවන ලක්ෂිත මානසිංහවද යළි සංචිතයට කැඳවා තිබේ. මානසිංහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවූ නමුත් ඔහුව පාකිස්තානු පිලට එරෙහිව පැවැති පුහුණු තු්දිනය තරගය ක්‍රීඩා කිරීම කණ්ඩායමෙන් මුදවා හරිනු ලැබීය.

අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලියේදී එස්. එස්. සී. පිලට ක්‍රීඩා කරන පිට දඟ පන්දු යවන මානසිංහ, පළමු පෙළ තරග 17 කදී කඩුලු 73 ක් බිඳ හෙළමින් ඉකුත් දා ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති හම්බන්තොටදී පැවැති සිව්දින තරගාවලිය සදහා එක් කරනු ලැබීය.

ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයටත් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමටත් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පැතුම් කොවිඩ් වෛරසය ගොදුරු වූ අතර ඔහු වෙනුවට ඔ්ෂධ ප්‍රනාන්දුව කණ්ඩායමට යෙදවීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar