slc
Home   |    News
ජූලි 16, 2022
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් පුරාණය

sinhala editor

පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර සබඳතාවය වසර හතළිහක දීර්ඝ ඉතිහාසයක් හා බැඳී පවතී. කණ්ඩායම් දෙක අතර නිල වශයෙන් ප්‍රථම වරට පස් දින ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැතියේ 1982 මාර්තුමස 5 සිට 10 දක්වා පාකිස්තානයේ කරච්චි අගනුවර එරට ජාතික ක්‍රීඩාංගනයේදීය. තරග තුනකින සමන්විත වු එම ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය තරග දෙකක් ජයගත් අතර තරගයක් නිමවුයේ ජය පැරදුමින් තොරවය. එම දිනවල ටෙස්ට් තරගයක තෙවන දින නිවාඩු දිනයක් ලෙස නම් කැරිණි.

අවසාන වරට මේ කණ්ඩායම් දෙක 2019-20 පාකිස්තානයේදී තරග වැදුණු අතර එහිදීද පාකිස්තානය තරගයක් ජයගෙන අනෙක් තරගය ජයපැරදුමින් තොරව නිමාවට පත්විණි.

මේ දක්වා කණ්ඩායම් දෙක අතර තරග 55ක් පවත්වා ඇති අතර පාකිස්තානය ඉන් තරග 20ක්ද ශ්‍රී ලංකාව තරග 16ක්ද ජයගෙන සිටින අතර තරග 19 ක් නිමාව ඇත්තේ ජයපැරදුමින් තොරවය.

1995දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට පාකිස්තානයේදී පාකිස්තානය පරාජය කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වාම පවත්වා ඇති තරග අතුරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පන්දුවට පහරදීමේදී සහ පන්දු යැවීමේදී ඉදිරියෙන් පසුවේ. මෙහිදී වඩාත් දස්කම් දක්වා ඇත්තේ කුමාර් සංගක්කාර පන්දුවට පහරදීමේදී සහ රංගන හේරත් පන්දු යැවීමේදීය. පාකිස්තානයේ හිටපු අගමැති සහ හිටපු නායක ඉම්රාන් ඛාන් පන්දුයැවීමේදී වසර කිහිපයක්ම ඉදිරියෙන් පසුවීමට සමත්විය.

කණ්ඩායම් දෙක අතර මෙතෙක් පවත්වා ඇති තරග අතුරින් මේ දක්වා පැවැති වාර්තා කිහිපයක් පහත දැක්වේ.

• පවත්වා ඇති තරග 55 යි. පාකිස්තානය ජයග්‍රහණ 20 යි ශ්‍රී ලංකාව 16 විසඳුම් තොමැති 19 යි.

• කණ්ඩායමක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව පාකිස්තානය 765/6යි (පාකිස්තානයේ කරච්චියේදී 2009).

• ශ්‍රී ලංකාව ඉනිමක රැස් කළ වැඩිම සංඛ්‍යාව 644/7 කරච්චි 2009.

• කණ්ඩායමක් රැස් කළ අඩුම සංඛ්‍යාව ශ්‍රී ලංකාව 71 යි මහනුවරදී 1994 පාකිස්තානය අඩුම ලකුණු 90යි 2009 කෙළඹ ප්‍රේමදාස පිටිය

• වැඩිම ජයග්‍රහණ – පාකිස්තාය ඉනිමකින් සහ ලකුණු 175 යි (1999 ගාල්ල) ශ්‍රීලංකාව ලකුණු 201 කින් ජහගැනීම 1995 ෆයිසලාබාද් නගරයේදී.

• වැඩිම ජයග්‍රහණ කඩුලු සංඛ්‍යාවෙන් – පාකිස්තාය කඩුලු10කින් 2011 ගාල්ලේදී ශ්‍රී ලංකාව කඩුලු 9 කින් ජය ගැනීම 1998 ඩුබායි නගරයේදී.

• වැඩිම ශතක ලැබු පිතිකරු – කුමාර් සංගක්කාර 2002-2015 තරග23 ඉනිම 45 ලකුණු 2911යි. ශතක10 යි. දෙවන ස්ථානය – අරවින්ද දසිල්වා ( ශ්‍රී ලංකා 1985 -2000 කාලයේදී ශතක 8යි.

• වැඩිම අර්ධ ශතක – කුමාර් සංගක්කාර අර්ධ ශතක 12 යි තරගාවලියක වැඩිම ලකුණු සංඛ්‍යාව කුමාර් සංගක්කාර ලකුණු 490 යි.

• ඉනිමක හොදම පන්දු යැවීම – රංගන හේරත් ( ශ්‍රී ලංකාව ) පන්දුවාර 33යි 127/9යි. දෙවන ස්ථානය ඉම්රාන්ඛාන් පන්දුවාර 29.3 යි 58/8යි. තෙවන ස්ථානය රවි රත්නායක පන්දුවාර 23.2 යි 88/8

• ඉනිමක වැඩිම ලකුණු – යුසුෆ් ඛාන් (පාකිස්තාය) ලකුණු 313යි. මහේල ජයවර්ධන ලකුණු 253 යි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest