slc
logo
Home   |    News
අගෝස්තු 29, 2022
කණ්ඩායම් 5 ක් පූර්ණ ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති තරග වලදී ඉනිමකින් ජය වාර්තා කිරීමට සී. සී. සී., ටැමිල් යුනියන් සහ බී. ආර්.සී. ක්‍රීඩා සමාජ සමත්වූහ. ඒ හැරුණු කොට ඒස් කැපිටල්, මුවර්ස්, පූර්ණ ජයග්‍රහණ වාර්තා කළහ.

කලුතර නාගරික පිලට එරෙහිව පැවැති තරගයේදී සී. සී. සී පිල ඉනිමක සහ ලකුණු 62 ක ජයක්ද, බදුරලියට එරෙහි තරගයේදී ටැමිල් යුනියන් පිල ඉනිමක සහ ලකුණු 11 ක ජයක්ද සහ කැන්ඩි කස්ටම්ස්ට එරෙහි තරගයේදී ඉනිමක සහ ලකුණු 38 කින් ජය ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩා සමාජද සමත්වූහ.

තෙවැනි දිනයේදී සදීර සමරවික්‍රම (175), සංතුෂ් ගුණතිලක (110) වශයෙන් ශතක වාර්තා කර ද්දී වමත් දඟ පන්දු යවන දිලුම් සුදීර සමස්ථ තරගයේදී කඩුලු 09 ක් දවා ගනිමින් ටැමිල් යුනියන් පිලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

ඊට අමතරව කසුන් අබේරත්න (ලන්කන්)සහ දේශාන් ඩයස්, සුකිත මනෝජ් (කලුතර නාගරික), පැතුම් ඩිල්ෂාන් (නුගේගොඩ), චානක විජේසිංහ(කැන්ඩි කස්ටම්ස්), ශතක වාර්තා කළහ.

ලක්ෂිත රසාංජන (එස්. එස්. සී.) ශශික දුල්ෂාන් (රාගම) , කෞමාල් නානායක්කාර (යුද හමුදාව) විශ්ව ප්‍රනාන්දු (සී.සී.සී.) ඉරුශික තිමිර (චිලව් මේරියන්ස්, ඩිල්ෂාන් මුණවීර (මීගමුව, කඩුලු 5 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සී. සී. සී. ඉනිමක සහ ලකුණු 62 ක ජයක්

සී. සී. සී. ප්‍රථම ඉනිම කඩුලු 4454 යි  (කමිඳු මෙන්ඩිස් නොදැවී 200, ලසිත් අබේරත්න 93, නිමේෂ් ගුණසිංහ 78, ඉන්සක සිරිවර්ධන 147/3)

කලුතර මුල් ඉනිම 157යි (පන්දුවාර 57.2යි) – (සංදේශ් ජයවර්ධන 45, බවන්ත ජයසිංහ 38. සුකිත මනෝජ් 24, මලින්ද පුෂ්පකුමාර 74/4, අෂාන් ප්‍රියන්ජන් 29/5) සහ ෙව ඉනිම 250යි (පන්දුවාර 59.1යි) – (සුකිත මනෝජ් 137, ඉන්සක සිරිවර්ධන 37, තරිඳු සිරිවර්ධන 23, විශ්ව ප්‍රනාන්දු 70/5, මලින්ද පුෂ්පකුමාර 104/3)

මුවර්ස්ට ලකුණු 193 ක ජයක්

මුවර්ස් මුල් ඉනිම 273 – (දිනුක දිල්ෂාන් 72, පබසර වඩුගෙ 51, මොහමඩ් ශිරාෂ් 51, චරිත් සුදාරක 62/4, ළහිරු දියන්ත 68/4) සහ දෙවැනි ඉනිම කඩුලු 6256 (පන්දුවාර 59) – (දිනුක දිල්ෂාන් 47, පබසර වඩුගේ 71, පසිඳු සූරියබණ්ඩාර 52, නලින් ප්‍රියදර්ශන 39/2)

පොලිසිය මුල් ඉනිම 203 (පන්දුවාර 66.4) – (නදීර බාලසූරිය 70, හෙෂාන් ප්‍රනාන්දු 44, රමේෂ් මෙන්ඩිස් 35/3, තීෂාන් විතුෂාන් 19/2යි සහ දෙවන ඉනිම 133යි (පන්දුවාර 36) – (චතුරංග කුමාර 50, චාමර සිල්වා 16, චානුක දිල්ෂාන් 33/4, තීෂාන් විතුෂාන් 29/3යි)

ටැමිල් යුනියන් ඉනිමක සහ ලකුණු 11 ක ජයක්

බදුරලිය මුල් ඉනිම 207 – අලංකාර අසලංක 65, රනේෂ් සිල්වා 40, නවෝද් පරණවිතාන 27/5) සහ දෙවැනි ඉනිම 155යි (පන්දුවාර 44.4) – (අනුක් ප්‍රනාන්දු 56, ගිහාන් රූපසිංහ 25, දිලුම් සුධීර 52/5, රවිඳු නාන්දු 17/2)

ටැමිල් යූනියන් මුල් ඉනිම 373 (පන්දුවාර 93.3යි) – (සධීර සමරවික්‍රම 172, සංතුෂ් ගුණතිලක 110, චලන ද සිල්වා 150/6, අනුක් පනාන්දු 71/3)

බී. ආර්. සී. ඉනිම සහ ලකුණු 38ක ජයක්

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 113 (පන්දුවාර 38.1) – (රශ්මික මධුශංඛ 30, තිලකරත්න සම්පත් 39/5, දුමිඳු තිලකරත්න 13/3) සහ දෙවැනි ඉනිම 295 (පන්දුවාර 75.4යි) – (චානක විජේසිංහ 103, පරාස් ෂර්මා 51, මිතුන් ජයවික්‍රම 59, දුෂාන් හේමන්ත 90/4, දුමිඳු තිලකරත්න 63/3යි)

බී. ආර්. සී. මුල් ඉනිම කඩුලි 4446 (පන්දුවාර 110යි) – (ඩිලාන් ජයලත් 203, ලියෝ ෆ්‍රැන්සිස්කො 55, මෝදිත රණතුංග නොදැවී 52, මෙතුෂාන් තීෂාන් 87/2යි)

එස් කැපිටල් පිලට ලකුණු 134 ක ජයක්

එස් කැපිටල් මුල් ඉනිම 223 – (නිනාඩ් කාදම් 60, තනුක දාබරේ 32, ධනුෂ්ක සඳරුවන් 65/4, චානුක ප්‍රනාන්දු 38/3) සහ දෙව ඉනිම කඩුලු 8302 (පන්දුවාර 54) – (ලසිත් කෘස්පුල්ලෙ 106, නිමාඩ් කාදම් 47, ප්‍රමුද් හෙට්ටිවත්ත 59, දිල්ෂාන් මුනවීර 100/5)

නිගම්බු මුල් ඉනිම 231 – (දිමුත් සඳරුවන් 67, ජේටින් සක්සෙනා 47, නිම්සර අතරගල්ල 55/4) සහ දෙවැනි ඉනිම 160 (පන්දුවාර 65.3යි) – (දිල්ෂාන් මුනවීර 33, මෂ්නූර් රහ්මන් 57, තානුක දාබරේ 30/3, කවිඳු ඊස්වර 24/2)

කෝල්ට්ස් ගෝල් විසඳුමින් තොරයි

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 5463 – (විෂාඩ් රන්දික නොදැවී 114, රවිඳු රසන්ත 95, අවිශ්ක පෙරේරා 79, සඳකැන් පතිරණ 93/2)

ගෝල් පළමු ඉනිම 173 (පන්දුවාර 72.1) – (දිල්ෂාන් කාංචන 78, සවින් කඳනආරච්චි 43, ධනංජය ලක්ෂාන් 40/4යි) සහ දෙවැනි ඉනිම කඩුලු 9221 (පන්දුවාර 92) – (සවින් කඳනආරච්චි 80, විනුර දුල්සර 64, ධනංජය ලක්ෂාන් 44/4, මුදිත ලක්ෂාන් 44/2)

එස්. එස්. සී ලන්කන් විසඳුමෙන් තොරයි

එස්. එස්. සී. මුල් ඉනිම කඩුලු 4518 යි – (නිපුන් ධනංජය 152, නුවනිදු ප්‍රනාන්දු 140, ෂම්මු අෂාන් නොදැවී 100, මිරංග වික්‍රමසිංහ 133/2)

ලන්කන් මුල් ඉනිම 136 (පන්දුවාර 60.4) – (දේශාන් ඩයස් 46, ලක්රුවන් අබේරත්න 20, ප්‍රභාත් ජයසූරිය 29/3, නිසල තාරක 34/2) සහ දෙවැනි ඉනිම කඩුලු 7352යි (පන්දුවාර 98.5) – (ලක්රුවන් අබේරත්න නොදැවී 145, දේශාන් ඩයස් 114, ලක්ෂිත රසාංජන 60/5)

චිලව් මේරියන්ස් නුගේගොඩ නොවිසඳෙයි

චිලව් මේරියන්ස් මුල් ඉනිම 419 – (අනුජ ජෝටින් 152, නවීන් යසස් නොදැවී 75, නවීන් ප්‍රනාන්දු 76/3)

නුගේගොඩ මුල් ඉනිම 185යි (පන්දුවාර 69) – (මයන්ත ප්‍රනාන්දු 52, කවීන් පෙරේරා 29, තිමිර ඉරුෂික 36/5, පුලින තරංග 50/2යි) සහ දෙවැනි ඉනිම කඩුලි 2185 (පන්දුවාර 65) – (පැතුම් දිල්ෂාන් නොදැවී 102, සබීර් ට්රුක්බාල් 45, තිමිර ඉරුෂික 53/1)

රාගම සෙබස්ටියනයිට්ස් විසඳුමින් තොරයි

රාගම මුල් ඉනිම කඩුලු 3591යි (පන්දුවාර 152යි) – (නිශාන් මධුෂ්ක නොදැවී 300, ජනිත් ලියනගේ 140, තරිඳු රත්නායක 201/2)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 193 (පන්දුවාර 59.1යි) – (සශ්‍රීක පුස්සෙගොල්ල 37, සාචා සෙනෙවිරත්න 25, සසික දුල්සාන් 70/6 සහ දෙවැනි ඉනිම කඩුලු 2159යි (පන්දුවාර 51යි) – (අක්ස්දීප් නාත් නොදැවී 66, සවුරාබ් ඩබී 45, කල්හාර සේනාරත්න 15/1)

එන්. සී. සී. – ගුවන් හමුදා නොවිසඳෙයි

එන්. සී. සී. මුල් ඉනිම 307 යි – (අසේල සිගේරා 74, නිරෝෂන් දික්වැල්ල 51, අෂාන් වික්‍රමසිංහ 48, දුලාංජල මෙන්ඩිස් 83/5) සහ දෙවැනි ඉනිම කඩුලු 9304 (පන්දුවාර 72.3යි) – (ළහිරු උදාර 65, අසේල සිගේරා 69, සහන් ආරච්චිගේ 59, ගයාන් සිරිසෝම 48/3, ළසඳ රුක්මාල් 34/2යි)

ගුවන් හමුදාව මුල් ඉනිම 259 – (ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 48, දේශාන් ප්‍රනාන්දු 41, සිතිජ චමෝද් 30, ලසිත් ඇඹුල්දෙනිය 73/3) 

යුද හමුදාව පානදුර ජය පැරදුමින් තොරයි

යුදහමුදාව මුල් ඉනිම කඩුලු 4452 – (තිළිණ දිල්ෂාන් 166, ලක්ෂාන් එදිරිසිංහ 120, අසේල ගුණරත්න 87, පවන් සංදේශ් 33/1) සහ දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 108 (පන්දුවාර 33) – (ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 72, පැතුම් බොතේජු නොදැවී 31)

පානදුර මුල් ඉනිම 297යි (පන්දුවාර 113.3) – (ලක්ෂාන් රුද්‍රගෝ 68, උමේෂ් කසුන් 43, කොසාන් ධනුෂ්ක 39, රොෂාන් විජේනායක 64, කෞමාල් නානායක්කාර 90/6)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest