slc
logo
Home   |    News
අගෝස්තු 22, 2022
දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලිය අහිමිවෙයි

sinhala editor

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ආසියානු කුසලාන සංචිතයට නම් කරන ලද වේග පන්දු යවන දුෂ්මන්ත චමීර, පුහුණුවීම් අතරතුර වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මඟ හැරෙනු ඇත.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට අතිරේක ක්‍රීඩකයකු ලෙසින් ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියවෙන් පන්දු යවන නුවන් තුෂාරව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් අදාළ තරග සංචාරය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු පමණක් ලබන 24 වැනිදා සංචාරය සඳහා පිටත්ව යනු ඇත. දිනේෂ් චන්දිමාල්, නුවනිඳු ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන සංචිතයට ඇතුළත් වුවත් ඔවුන් අතිරේක ක්‍රීඩකයින් ලෙස කණ්ඩායම සමඟ ගමන් නොකරනු ඇත. මේ වන විටත් නුවන් තුෂාරගේ නම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.

ආසියානු කුසලාන සඳහා පිටත්ව යන ක්‍රීඩකයින් 17 දෙනා මෙසේය – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමොද් මදුශාන්.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee