slc
Home   |    News
සැප්තැම්බර් 27, 2022
ආණ්ඩුකාර කුසලාන ශූරයින් තේරීමේ සටන යුනයිටඩ් සදර්න් සහ ලියෝ අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ ආණ්ඩුකාර කුසලාන (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (28 වැනිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවවලියේ අවසන් මහ සටන සඳහා යුනයිටඩ් සදර්න් සහ ලියෝ ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා සිටිති.

අවසන් පූර්ව තරග වටයේදී මැලේ ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 02 ක තියුණු ජයක් වාර්තා කරමින් ලියෝ ක්‍රිකට් සමාජයද, ආදි ධර්මපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් යුනයිටඩ් සදර්න් කණ්ඩායම ද අවසන් මහ තරග වරම් දිනාගත්හ.

ශූරතාව වෙනුවෙන් කුසලාන සමඟ රුපියල් ලක්ෂ 3 ක මුදලක් පිරිනැමෙන මෙම අවසන් මහ තරගයේදී යුනයිටඩ් සදර්න් පිල තරින්ද නිර්මාල් විසින්ද, ලියෝ ක්‍රීඩා සමාජය ගිහාන් ද සිල්වා විසින්ද මෙහෙයවනු ලබති. අනුශූරතාව සඳහා ලක්ෂ 2 ක මුදලක් පිරිනැමෙන අතර ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ අවසන් මහ තරගයේ වීරයා සදහා මුදලින් ත්‍යාග පිරිනැමෙනු ඇත.

කණ්ඩායම් 24 කගේ සහභාගිත්වයෙන් පැවැති මූලික තරග වටයේදී ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් 12 ක් තරග වැදුණහ. එහිදී තරග 11 කට ක්‍රීඩා කළ යුනයිටර් සදර්න් කණ්ඩායම ජයග්‍රහණ 8 ක් වාර්තා කරමින් ඒ කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයටද, ලියෝ කණ්ඩායම ජයග්‍රහණ 8 ක් වාර්තා කරමින් බී කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්හ.

ලියෝ කණ්ඩායම – ගිහාන් ද සොයිසා (නායක), රැල්ෆ් ප්‍රනාන්දු, සුපුන් ඩිල්ෂාන්, ෂෙහාන් ප්‍රනාන්දු, ප්‍රසාද් මලිත්, බුද්ධික ප්‍රසාද්, ප්‍රිමාෂ් ඔබ්රිස්, චමීර මධුශංක, රසිඳු කල්පනා, නිශාන් ජයමාල්, නෙත්මාල් සහීර, චමෝද් මධුෂාන්, කලිඳු අකලංක, හනසජ විශ්වජිත්, තිලාන් ප්‍රදීප්ත, කාවින්ද මනම්පේරි, පුහුණුකරු – කැමිලස් සුසන්ත, කළමනාකරු – සුපුන් ඩිල්ෂාන්.

යුනයිටඩ් සදර්න් – තරින්ද නිර්මාල් (නායක), රුචිර සිල්වා, අතුල සේනාරත්න, මහීෂා වෙත්මින්, ජනිත් කෞෂාල්, පැතුම් අත්සර, රොමේෂ් ධනුෂ්ක, කුමුදු ගයේෂාන්, ගිසන්තික ජයවීර, රුසිර රවිසංඛ, ලක්ෂාන් ජයශාන්ත, ලක්මාල් සුරංජිත්, ජයරංග රාමනායක, ප්‍රමිත් චේතිය, ප්‍රභාත් අසංක, ප්‍රසන්න නිර්මලරත්න, දිනේෂ් මධුසංක, කසුන් ලක්ෂාන්, වරුණ දේශප්‍රිය, ලක්මාල් ද සිල්වා (පුහුණුකරු), උමාල් දුරගේ (සහාය පුහුණුකරු), තිලින සම්පත් (කළමනාකරු)

ලියෝ ක්‍රීඩා සමාජය
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest