slc
Home   |    News
සැප්තැම්බර් 14, 2022
සුපිරි පළාත් කිරුළේ අයිතිය කොළඹ දකුණු බාළිකාවන්ට

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරු සොයා යන ගවේෂණාත්මක වැඩසටහනේ තවත් එක් කොටසක් ලෙසින් පැවැත්වුණු වයස අවරුදු 19 න් පහළ සුපිරි පළාත් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් බවට පත්වීමට කොළඹ දකුණු කණ්ඩායම අද (14 දා) සමත්විය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාල්ල පිල කඩුලු 8 ක පරාජයකට ඇද දැමූ නෙත්මි සේනාරත්න ප්‍රමුඛ කොළඹ දකුණු ක්‍රීඩිකාවෝ ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3 ක ජය මල්ලකටද හිමිකම් කීහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 81 කට සීමා කිරීමට කොළඹ දකුණු පන්දු යවන්නියෝ සමත්වූහ. ඉලක්කය හඹා යෑමේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නෙත්මි සේනාරත්න පන්දු 44 කදී නොදැවී ලකුණු 50 ක් වාර්තා කරමින් ජයග්‍රහණයට මුලපුරනු ලැබුවාය. හතරේ පහර 6 ක් ද ඇතුළත් එම ඉනිමත් කඩුලු රැකීමේ කාර්යයේ නිරත වීමේදී ස්ටම්ප් කිරීමක් කිරීමටද නෙත්මි සමත්වීම නිසා අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන්ද ඈ පිදුම් ලැබුවාය.

පන්දු යැවීමේදී පෙරමුණ ගත් නවෝද්‍යා ජයසිංහ පන්දුවාර 3.5 කදී ලකුණු 10 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් පෙරමුණ ගත්තාය. ඇයට අමතරව තරුෂි පනාන්දු, මනුදි නානායක්කාර සහ මිහිදි සනුදිනී කඩුලු 3 බැගින් බිඳ හෙළුවාය. ගාල්ල කණ්ඩායම පන්දුවට පර දීමේදී කිසිවකුට ලකුණු 12 සීමාව ඉක්මවාලීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. ගාලු පිල වෙනුවෙන් සංජනා කාවින්දි සහ සසිනි ගිම්හානි ලකුණු 12 බැගින් ලබා ගත්හ.

ශූරතාව දිනූ කොළම දකුණු කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිතව හිඳිමින් මෙම තරගාවලියේ ශූරයින් බවට පත්වීම කැපී පෙනුණි. තරගාවලි අවසානයේ පැවැති කුසලතා ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් පත්කොට සිටින උපදේශක, සංවර්ධන සහ මෙහෙයුම් ප්‍රධානී මනුජ කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකාර්යය සාධන අංශ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඔවුන්ට අමතරව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න, හිටපු නායකාවක වන වර්තමානයේ උසස් තාක්ෂණ අංශයේ වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ පුහුණුකාරිණියකු ලෙස කටයුතු කරන ශෂිකලා සිරිවර්ධන සහ කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරිණී ඉන්ද්‍රානි ආරියරත්න යන මහත්මියන්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.

මෙම ජය සංකේත ප්‍රධානයේදී තරග 6 කදී කඩුලු 15 ක් බිඳ හෙළූ කොළඹ දකුණු කණ්ඩායමේ නිපුණි නවෝද්‍යා සම්මාන දිනා ගනිද්දී දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය තරග 5 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 36.67 ක් රඳවා ගනිමින් ලකුණු 110 ක් ලබා සිටින ගාල්ල කණ්ඩායමේ සුමුදු නිසංසලා සමත්වූහ.  මීට අමතරව සමස්ථ තරගාවලිය පුරා තරග 4 කට ක්‍රීඩා කරමින් ලකුණු 105 ක් සහ කඩුලු 9 ක් බිද හෙළූ දඹුල්ල කණ්ඩායමේ දෙව්මි විහංගා තරගාවලියේ දක්ෂථම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය.

  • අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙත්මි සේනාරත්න(කොළඹ දකුණ) – (කුසලාන + රු. 50,000/=)
  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය – සුමුදු නිසංසලා (ගාල්ල) – (කුසලාන + රු. 50,000/=)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – නිපුණි නවෝද්‍යා (කොළඹ දකුණ) – (කුසලාන + රු. 50,000/=)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – දෙව්මි විහංගා (දඹුල්ල) – ාාාා(කුසලාන + රු. 75,000/=)
  • අනුශූරතාව – ගාල්ල – (අනුශූරතා කුසලාන + රු. 200,000/=)
  • ශූරතාව – කොලඹ දකුණ – (ශූරතා කුසලාන + රු. 200,000/=)

ගාල්ල පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 81 යි – (සංජනා කාවින්දි 12, සසිනි ගිම්හානි 12, සුමුදු නිසංස්ලා 10 පමෝදා ශයිනි 10, නවෝද්‍යා ජයසිංහ 10/3, තරුෂි ප්‍රනාන්දු 15/2, මනුදි නානායක්කාර 22/2, මිහිදි සනුදිනී 12/2)

කොළඹ දකුණ පන්දුවාර 13.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 82 යි – (නෙත්මි සේනාරත්න නොදැවී 50, රසිනි පෙරේරා 13)

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙත්මි සේනාරත්න

තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය සුමුදු නිසංසලා (ගාල්ල)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – නිපුනි නවෝද්‍යා (කොළඹ දකුණ)
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – දෙව්මි විහංගා (දඹුල්ල)
අනුශූරතාවයට පත් ගාල්ල කණ්ඩායම

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest