slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2022
අපිට න ආසියානු කුසලානය දිනන්න

sinhala editor

අවසන් තරග 3 දී ලකුණු 170 ට වඩා වැඩි ඉලක්ක හඹා යමින් වාර්තා ගත ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයට අත පොවන මායිමට පැමිණ සිටියි. ඉන්දියාවට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සිටින්නේ අවසන් මහ ගැටුම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සියුම් සීරුමාරුවකය. ඒ සදහා අවශ්‍ය වන්නේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත තරගයේ ජය පාකිස්තානුවන් අත්කර ගැනීම පමණි.

එක්සත් අරාබි එමීර් බිමට පා තබා දින 2 කට පසු ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී ලකුණු 105 කට දැවී යෑමත් එම තරගයේ ලද කඩුලු 10 ක නීරස පරාජයත් හැරුණු කොට ශ්‍රී ලංකාව තරග වැදි තරග 3 ම ඉතා විශිෂ්ඨ අයුරින් තරග වැදීම කැපී පෙනෙයි. මෙහිදී පළමුව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය කඩුලු 2 කින්ද, ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් කඩුලු 4 කින්ද සහ මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි වැඩිම බලාපොරොත්තු තබා තිබූ කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව කඩුලු 6 ක ජයක්ද වාර්තා කළ කිරීමට සමත්ව සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්ය ඉතා ඉහළ තලයකට රැගෙන යමිනි.

මෙවර ආසියානු ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් අතර නම් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉන් 1% ක හෝ ප්‍රතිශතයක් නොමැතිවිය. ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 0% ක් ලෙස සටහන්වද්දී ජාත්‍යන්තර ක්‍රිකට් තලයට ලිලිපුට්ටන් වන ඇෆ්ගනිස්තානයද 16% ක අවස්ථාවක් පවතින බව වාර්තා වල සදහන් විය. එවන් තලයක සිට දසුන් ශානක ඇතුළු පිරිවර දැන් නිර්මාණය කරගෙන සිටින වටපිටාව සැබෑවටම ආඩම්බර විය යුතු කරුණකි.

මෙම ජයග්‍රාහී රැල්ලත් සමඟ නැවතත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයකට ලඟා වී සිටියි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 3 ක අවසන් මහ තරග අවස්ථාව දිනාගත්, ඉන් එකක ශූරතාව දිනාගෙන සිටින අවධියේදී දක්වන ලද දක්ෂතා සමානවම, නැතහොත් ඊට වැඩියෙන් දක්ෂතා දැක්වීමට වර්තමාන කණ්ඩායම සමත්ව සිටියි.

මේ සියල්ල එක රැයකින් සිදුවූවක් නොවේ. අද අප අත්විඳිනු ලබන්නේ කාලයක් මුලුල්ලේ ඉතාමත් ඉවසීමකින් යුක්තව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමෙහි ප්‍රතිඵල බව මේ මොහොතේ සඳහන් කළ යුතුය.

“අපි ගැන කරපු  ප්‍රකාශවලට අනුව ඉන්දියාව පරාජය කිරීමෙන් පසු තවදුරටත් අපි පහළ දක්ෂතා සහිත කණ්ඩායමක් නොවෙයි. ඒක අපි ඔප්පු කරලා ඉවරයි” යැයි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ සඳහන් කර සිටියේය.

අපි එක්සත් අරාබී එම්රයට එනකොට අපි දක්ෂතා අතින් පහළ කණ්ඩායමක් කියලා. හැමෝම දන්න කරුණක් තමයි පාකිස්තානයත් ඉන්දියාවත් කියන්නේ ඔවුන්ගේ දිනවලදී කොච්චර හොදද කියලා. අපිට අවශ්‍ය වුණේ ලෝකෙට පෙන්නන්න අපි එහෙම කණ්ඩායමක් නොවෙයි කියලා. විශේෂයෙන්ම අපේ ජාතියට. සියලු අර්බුදයන් සමඟ ඔළූන්ගේ මුහුණුවලට සිනහවක් රැගෙන ඒමට අපිට කළ හැකි එකම දෙය තමයි මෙය” යැයි භානුක වැඩිදුරටත් සිය කණ්ඩායමේ ජයග්‍රහණ ගැන සදහන් කර සිටියේය.

විස්සයි-20 තරගයක ලකුණු 174 ක ඉලක්කයක් හඹා යෑම යනු අතිශය අසීරු කරුණක් වුවත්, ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙහිදී ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වා තිබෙන තරග වලින් 95% කටත් වඩා දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායම ජය ගැනීමට සමත්ව තිබෙන බැවින්, කාසියේ වාසිය යනු තීරණාත්මකම සාධකය බවට පත්ව තිබේ.

“ඩුබායිවල රාත්‍රියේ පැවැත්වෙන තරගවලින් 95% ක්ම පස්සේ බැට් කරලා තමයි දිනලා තියෙන්නේ. මෙතැනදි අපිට හොද ආරම්භයක් ලබා ගත්තා. ඒ හරහා ලකුණු වේගය දිගටම පවත්වාගෙන යෑමට සමත්වීම නිසා ජයග්‍රහණය පහසු වුණා” යැයි භානුක කියයි.

තරගාවලියේ ඉදිරිය ගැන අදහස් දැක්වීමේදී මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායමට අවශ්‍ය බවද භානුක සඳහන් කර සිටියේය. “අපිට මේ තරගාවලිය දිනන්න ඔ්න. අපිට හොඳටම විශ්වාසයි. මෙහිදී ක්‍රීඩකයින් කීප දෙනෙක් දක්ෂතා අතරට ආවොත් අපිට ශූරතාව දිනා ගැනීමට හොඳ අවස්ථාවක් තියෙනවා” යනුවෙන් භානුක කියයි.

“ඇත්තටම මෙය තරුණ කණ්ඩායමක්. පසුගීය වසර දෙක තුළ එකට ක්‍රීඩා කිරීම අපගේ විශ්වාසය වැඩි කර තිබෙනවා. වසර 2 කට කලින් තිබුණු විශ්වාසයට වඩා කණ්ඩායම පිළිබඳව විශ්වාසය වෙනස්” යැයිද කණ්ඩායමේ දක්ෂතා වැඩි වීමට හේතු ලෙසින් භානුක සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee