slc
logo
Home   |    News
සැප්තැම්බර් 22, 2022
ආණ්ඩුකාර කුසලාන දිනන්න ඉන්න අවසන් කණ්ඩායම් 4

sinhala editor

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන  ආණ්ඩුකාර කුසලාන හෙවත්  Governor’s Trophy ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට මැලේ, ලියෝ, ආදි ධර්මපාල සහ යුනයිටඩ් සදර්න් යන ක්‍රීඩා සමාජ සමත්ව සිටිති.

‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 24 කගේ සහභාගිත්වයෙන් පැවැත් මෙවර තරගාවලියේ මූලික වටයේ පෙරමුණ ගත් කණ්ඩායම් 2 අවසන් පූර්ව තරග අවස්ථාව දිනා ගනු ලබන අතර එහිදී ‘ඒ’ කාණ්ඩයේ අරපාජිතව සිටින මලේ කණ්ඩායමත්, තරග 11 කදී ජයග්‍රහන 8 ක් ලබා සිටින යුනයිටඩ් සදර්න් කණ්ඩායමත් සුදුසුකම් ලබද්දී, තරග 11 කදී ජයග්‍රහණ 9 ක් වාර්තා කරගෙන සිටි ආදි ධර්මපාල කණ්ඩායමත් තරග 11 කදී ජයග්‍රහණ 8 ක් වාර්තා කරගෙන සිටින ලියෝ ක්‍රිකට් සමාජයත් සුදුසුකම් ලබා සිටිති.

මොවුන් සුදුසුකම් ලබා ගනිද්දී ගියවර ශූරයින් ලෙස මෙවර තරගාවලියට ඉදිරිපත් වුණු මොරටුව ක්‍රීඩා සමාජයත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටින බැවින් ඔවුන්ට කුසලාන බලාපොරොත්තුව අහිමිව තිබීම කැපී පෙනෙයි. අවසන් පූර්ව තරග වලදී මැලේ කණ්ඩායම ලියෝ ක්‍රීඩා සමාජය සමග ලබන 26 වැනිදා බලුම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදීද ආදි ධර්මපාල සහ යුනයිඩ් සදර්න් ක්‍රීඩා සමාජ දොඹගොඩදීද තරග වැදීමට සූදානම්ව සිටිති.

කෙසේ වෙතත් මූලික වටය යටතේ ඒ කාණ්ඩ දෙකේහි අවසන් ස්ථානයට පත්ව සිටින කන්ඩායම් දෙක ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත අන්තර් පලාත් තරගාවලිය හෙවත් Intra-Province Tournament තරගාවලිය දක්වා පහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ඇත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee