slc
Home   |    News
සැප්තැම්බර් 20, 2022
ආසියානු කුසලාන තරග නිලධාරිනියන් අතරට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුත්

sinhala editor

බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජජනය කරමින් විනිසුරුවරියන් දෙදෙනකු සහ එක් තරග තීරකවරියක සහභාගිවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ තෙවැනි ශ්‍රේණි‌යේ විනිසුරුවරියන් දෙදෙනෙකු වන දේදුණු ද සිල්වා සහ නිමාලි පෙරේරා තරග විනිසුරුවරියන් ලෙසින් සහභාගිවන අතර වෙනේසා ද සිල්වා තරග තීරකවරිය ලෙස සහභාගිවනු ඇත.

විනිසුරුකරණයේ නියැළෙන කාන්තාවන් දෙදෙනාත් තරග තීරකවරියත් දේශීය කාන්තා ක්‍රිකට් තරග වලට අමතරව දේශීය පිරිමි පළමු පෙළ තරග පවා විනිසුරුකරණයේ නියැළෙමින් ඒ පිළිබඳව හසළ පලපුරුද්දක් ඇති විනිසුරුවරියන් දෙපළක් වෙති.

ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය ලබන ඔක්තෝම්බර් 01 වැනිදා සිට 16 වැනදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙනු ඇත.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest