slc
Home   |    News
සැප්තැම්බර් 19, 2022
නිශාන් මදුශ්ක ලකුණු 1000 ආසන්නයට

sinhala editor

අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සති අන්තයේ අවසන් පොලිස් කණ්ඩායමට එරෙහි පළමු ඉනිමේ ලකුණු 125 ක් ලැබූ  රාගම කණ්ඩායමේ නිශාන් මදුශ්ක දෙවැනි ඉනිමේදීද ලකුනු 81 ක් වාර්තා කරමින් මෙවර තරග වාරයේ ලකුණු 1000 සීමාව ආසන්නයට පැමිණීමට සමත්වූවේය.

ඒ අනුව මදුශ්ක මෙවර තරගාවලියේ වාර්තා කර ඇති මුලු ලකුණු සංඛ්‍යාව තරග 5 කදී ලකුණු 925 කි. වැඩිම ලකුණු ලෙස නොදැවී ලබා ගත් ලකුණු 300 වාර්තා වන මදුහ්කගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 185 ක් ලෙස සටහන් වේ. ඒ සදහා ශතක 5 ක් ලබා සිටින මදුශ්ක මෙවර තරග වාරයේ වැඩිම ශතක ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේය.

මීට අමතරව තෙවැනි දිනයේදී පොලිස් කණ්ඩායමේ වමත් පිතිකරු හේෂාන් ධනුෂ්ක රාගමට එරෙහි තරගයේදී පන්දු 385 කට මුහුණ දෙමින් හතරේ පහර 25 ක් සහ හයේ පහර 4 ක් සමඟ ලකුණු 233 ක් ලබා ගැනීමට සමත්විය. මෙවර තරගාවලියේ මීට පෙර බී.ආර්.සී, පිලට ශතකයක් ලබා සිටින මදුශ්කගේ පළමු පෙළ දිවියේ පළමු ද්විත්ව ශතකය වන්නේද මෙය වේ.

මීට අමතරව බී.ආර්.සී. පිලේ තිලකරත්න සම්පත්, එස්.එස්.සී, පිලට එරෙහිව ලකුණු 77 ට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වූ අතර එම දක්ෂතාවත් සමඟ ඔහු පළමු පෙළ කඩුලු 300 සීමාව ඉක්මවා යන ලද්දේ සහභාගිවුණු 140 වැනි තරගයේදීය.

සති අන්තයේ  පැවැති තරග වලදී එස්.එස්.සී , ටැමිල් යුනියන් , ගෝල්   සහ  නාවික   හමුදාව   ජයග්‍රහණ වාර්තා කර ගත්හ. එස්.එස් .සී ලකුණු 113කින්    බී.ආර් .සී ද,  ටැමිල් යුනියන් කඩුලු හතරකින්    සරසන්ස්  ද  ගෝල්   ඉනිමකින් සහ ලකුණු 11කින්   කලුතර   කණ්ඩායම ද   නාවික   හමුදාව ලකුණු 106කින්   නුගේගොඩ ද  පරාජය   කළහ.

  • එස්.එස්.සී ලකුණු 113 කින් බී.ආර්. සීපරදවයි

එස්.එස්.සී . මුල්  ඉනිම   374 (කවිදු නදිෂාන් 87 නුවනිදු ප්‍රනාන්දු 72 නිපුන් ධනංජය 54 දුවිදු තිලකරත්න 77/3  දුෂාන් හේමන්ත 105/4)

බී.ආර්.සී.මුල් ඉනිම 213 – (තිලකරත්න සම්පත් 61 මලින්ද ජයෝද් 39 ප්‍රභාත් ජයසුරිය 71/6 නිසල තාරක 31/3)

එස්.එස්.සී.   දෙවන  ඉනිම   කඩුලු   8 ට  203  (පන්දුවාර 41.3) – (නුවනිදු ප්‍රනාන්දු 56 නිපුන් ධනංජය 43 රොෂාන් සිල්වා 45 තිලකරත්න සම්පත් 77/7)

බී.ආර්.සී. දෙවන ඉනිම   250 යි (පන්දුවාර 40.5 ) (ළහිරු සමරකෝන් 39 දුෂාන්  හේමන්ත    නොදැවී   103  උමේ මොරායස් 31 ප්‍රභාත් ජයසුරිය 110/5 නිමන්ක ජයතිලක 41/4)

  • ටැමිල් යුනියන් පිලට කඩුලු 4 ක ජයක්

සරසන්ස්  මුල්  ඉනිම  253  (සිතාර   ගිම්හාන්   89  නවිනිදු විතානගේ 66 ශිරාන් ප්‍රනාන්දු 33/4 රවීන් ද සිල්වා 53/4යි)

ටැමිල්  මුල්  ඉනිම  299-  ( නවෝද් පරනවිතාන 89  රොන්  චන්ද්‍රගුප්ත 82   ඉසිත   විජේසුන්දර  73/4)

සරසන්ස්  දෙවන   ඉනිම   169  යි  (පන්දුවාර 63.1යි )- (ප්‍රමෝද් මධුවත්ත නොදැවී 69  නිපුන්   කරුණානායක   35 රවින්  ද  සිල්වා  34/3 දිලුම්    සුධීර   22/2)

ටැමිල්  යුනියන් දෙවන   ඉනිම  කඩුලු 6ට  125  (24.5)- ( නවෝද් පරනවිතාන 33 රවිදු ප්‍රනාන්දු නොදැවී 24 සධීර සමරවික්‍රම 23 ඉසිත  විජේසුන්දර 35/2)

  • ගාල්ලට ඉනිමක සහ ලකුණු 11 ක ජයක්

කලුතර නගරයේ මුල්  ඉනිම    190 – (කෝසල  රවිදු 75 සවන්   කංකානම්ගේ 37 රගු ෂර්මා 52 /5)

ගෝල්   මුල්  ඉනිම  කඩුලු 6ට  405  – (ශාලිත්  ප්‍රනාන්දු   133 කවිදු  එදිරිසිංහ  නොදැවී   72 විනුර  දුල්සර  77 සමිර  කදනආරච්චි 71 බවන්ත  ජයසිංහ 48/2)

කලුතර   දෙවන  ඉනිම  202 (පන්දුවාර 71.1යි) – (සවන් කංකානම්ගේ 43ශේසිත්  රූපසිංහ 39  නිපුන්  ගමගේ 32  රගු ෂර්මා   56/6  සදුන්   මධුශංඛ 19/2)

  • ඒස්. කැපිටල් –   චිලව්මේරියන්ස්  තරගය  පරාජ නෑ.

ඒස් කැපිටල්   මුල්  ඉනිම  228 – ( රොෂාන්   ජයතිස්ස 73 තානුක දාබරේ 62 ලසිත් ලක්ෂාන් 65/4)

චිලව් මේරියන්ස් මුල්  ඉනිම 290   (පන්දුවාර 111.1 ) -( රවීන් යසස් නොදැවී 118 ලසිත්   ලක්ෂාන් 70  සචිදු   කොළඹගේ 46/3 අතරගල්ල 51/2 )

ඒස් කැපිටල් දෙවැනි ඉනිම කඩුලු   7ට   150  (පන්දුවාර 52 යි )-(ඕෂද ප්‍රනාන්දු 55 ටී.බාස්කරන් 30  ප්‍රමුද්   හෙට්ටිවත්ත 30  ලසිත් ලක්ෂාන් 21/4  චිලව්මේරියන්ස් දෙවන   ඉනිම  කඩුලු 2ට 31( පන්දුවාර 7යි)

  • ලන්කන් කෝල්ට්ස්  ජයපරාජ නෑ

ලන්කන් මුල්  ඉනිම කඩුලු   9ට  409යි  – (ඊ.ස්වරදිසානායක  90/5යි )

කෝල්ට්ස් මුල්  ඉනිම   කඩුලු 8ට  413( පන්දුවාර 98.4යි )

(හෂාන්   දුමිදු  නොදැවී   138 ධනංජය ලක්ෂාන් 60 කවිශ්ක  අංජුල  55 මුදිත  ලක්ෂාන් නොදැවී 51ගීත්   කුමාර  74/4 සදුන් අබේවර්ධන 114/2 )

ලන්කන්   දෙවන   ඉනිම  කිසිවෙකු   නොදැවී 33

  • සී.සී.සී. –  මුවර්ස්

සී.සී.සී . මුල්  ඉනිම   249 (ලසිත්   අබේරත්න 73 කවිදු මෙන්ඩිස් 59 මිනෝද් භානුක 41 ප්‍රවීන් ජයවික්‍රම   71/3   )

මුවර්ස් මුල්  ඉනිම  215-    (රමේෂ් මෙන්ඩිස්   89  සොනල් දිනුෂ 67/8 යි  )

සී.සී.සී. දෙවන ඉනිම  269    (පන්දුවාර 80.2 )-( වනිදු හසරංග 56 චමිදු විජේසිංහ නොදැවී 46 සොනල් දිනුෂ 34 රමේෂ් මෙන්ඩිස්  65/6  ජයවික්‍රම 95/2 )

මුවර්ස්  දෙවන  ඉනිම  කඩුලු 8ට  241(පන්දුවාර 50 යි)-( මොහමඩ් ෂමාස්  59  ෂෙහාන් ද සිල්වා  47 වනිදු හසරංග 73/4   සොනල්  දිනුෂ 65)

  • එන් . සී.සී  – නිගම්බු   ජයපරාජ නෑ

නිගම්බු   මුල් ඉනිම  353  – ( ඇන්ජ්ලෝ ජයසිංහ නොදැවී 123 ජේටින් සක්සේනා 111 ලසිත් ඇඹුල්දෙණිය 132 /4  අසේන්  ඩැනියල් 63/2)

එන් .සී.සී  මුල් ඉනිම   364  (පන්දුවාර 106.3 )- (සවුන් වීරක්කොඩි 150  සහන් ආරච්චිගේ  110 උපුල් ඉන්ද්‍රසිරි 143/5 ධනුෂ්ක සදරුවන් 67/3  ) 

නිගම්බු දෙවන ඉනිම කඩුලු 9ට 271  ( පන්දුවාර 62 )-    ( ඇන්ජ්ලෝ ජයසිංහ 55  ජේටින් සක්සේනා 37  උමේෂ් ලක්ෂාන්  44 ලසිත් ඇඹුල්දෙණිය  121/6 යි  )

  • කුරුණෑගල යුත් –  සෙබස්ටියනයිට්ස් ජයපරාජ නෑ

කුරුණෑගල යුත් මුල් ඉනිම  239 යි – (අසන්ත  බස්නායක 61 රදීර  රනසිංහ   48  ගයාන්මතීෂාන් 40 තරිදු  රත්නායක  93/5)

සෙබස්ටිනයිට්ස්  මුල්  ඉනිම   352    (පන්දුවාර 110.5යි) – (සවුරාබ් ඩුබේ 50 සස්රික පුස්සෙගොල්ල් 69 සච්න්ත  ජයතිලක 49 තරිදු රත්නායක 74   සචා  ජයතිලක  49  සකිදු   විජේරත්න   109/4 යි)

කුරුණෑගල යුත් දෙවන ඉනිම   297  (පන්දුවාර 79.3 යි)-  ( ධනුෂ්ක ධර්මසිරි  84   අසන්‍ත  බස්නායක 95  දිනුෂ්ක මලන්  30  තරිදු රත්නායක  116/5    චාමිකර එදිරිසිංහ 97/4 යි.)

  • රාගම  –පොලිසිය ජය පැරදුමෙන් තොරයි

රාගම  මුල්  ඉනිම  400- ( නිශාන් ධනුෂ්ක 125 ජනිත් ලියනගේ 71   දුලාජ් බණ්ඩාර 47  නලින් ප්‍රියදර්ශන 95/4 සුපුන් මධුශංඛ 58  /2)

පොලිසියේ  මුල්  ඉනිම කඩුලු 6 ට  460 ( පන්දුවාර  112  යි ) – ( හෙෂාන් ධනුෂ්ක 233  දුලාෂ් උදයංග  73 මදුරංග සොයිසා 60 සංජුල බණ්ඩාර  43/2   යි)

රාගම   දෙවන  ඉනිම  කඩුලු   3ට  202යි  (පන්දුවාර  632යි ) (යොහාන්   ලියනගමගේ   106  නිශාන් මදුෂ්ක 81 සුපුන්  මධුශංඛ 40/2යි)

  • ගුවන්   හමුදාව   –   පානදුර  ජය පැරදුමෙන් තොරයි 

ගුවන් හමුදාව  මුල් ඉනිම   440  –  (උදයවංශ පරාක්‍රම 119 මුවින් සුබසිංහ 114 මධුෂාන් රවින්ද්‍ර 59   නිමේෂ් විමුක්ති 151/4  ඉවංක සංජුල 87 /3)

පානදුර  මුල් ඉනිම   කඩුලු 9ට  446(පානදුර 142.2යි) – (පාර්ත්  පලාවට්  ලක්ෂාන් රුද්‍රිගෝ 84   අභිෂේක් ගුප්තා 90  දුලාංජල මෙන්ඩිස් 103/5)

ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 5ට  152(පානදුර 33.4)  – ( සසිදු  නානායක්කාර  54 රොස්කො තටිල්  නොදැවී  35 නිමේෂ් විමුක්ති 44/1යි )

  • නාවික හමුදාව  ලකුණු  106 ක ජයක්

නාවික හමුදාව මුල් ඉනිම 180 ( අදීෂ නානායක්කාර 93 සහන් නානායක්කාර 60/4 සුවත්  මෙන්ඩිස් 49/5)

නුගේගොඩ   මුල්  ඉනිම   243 – (රන්මිත ලියනආරච්චි 77  නවීන් කවිකාර 100/6)

නාවික හමුදාව දෙවන ඉනිම 9ට 302 (පන්දුවාර 83යි  )( අදීෂ නානායක්කාර 96 මාලිංග මාලිගස්පෙ 49 මදුර මදුරංඛ60 විනෝද්  පෙරේරා 36 චමින්ද බණ්ඩාර 67/2  )

නුගේගොඩ  දෙවන ඉනිම  133  ( පන්දුවාර 52.1 යි ) – ( රනිත  ලියනආරච්චි 72 පැතුම්  දිල්ෂාන්   24 නවින්  කවිකාර  42/6 මධුර  මධුශංඛ 38/2 )

  • යුදහමුදාව බදුරලිය තරගයේ   ජයපරාජ නෑ

යුද හමුදාව මුල් කඩුලු   9ට   471– (ෂෙහාන් ප්‍රනාන්දු   නොදැවී 116 තුළින දිල්ෂාන් 111 ගිහාන් කෝරලගේ නොදැවී   113 චලන   ද සිල්වා   61/4)

බදුරලිය මුල්  ඉනිම  230  (පන්දුවාර 68.3 යි) රමීෂ් අලාම් නොදැවී 51 ෂාහිඩ්  මන්සුර් 46 මළිදු මදුරංග 37 ලක්ෂාන් එදිරිසිංහ 51/4)

බදුරලිය දෙවන  ඉනිම කඩුලු 7ට 278( පන්දුවාර 78 ) ( ෂහිඩ් මන්සුර් 113 රමිෂ්  අලාම්   66 අනුක  ප්‍රනාන්දු  46  කෞමාල් නානායක්කාර  58/2  යශෝධ මෙන්ඩිස් 37/2  )

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest