slc
Home   |    News
සැප්තැම්බර් 25, 2022
ප්‍රභාත් ජයසූරිය කඩුලු 300 සමාජයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවිමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ හය වැනි සතිය ආරම්භ කරමින් පැවැති තරග වලදී පළමුදින අවසන් වීමට මත්තෙන්ම ශතක 9 ක් රැස් කිරීමට පිතිකරුවන් සමත්වූහ.

ගුවන් හමුදාවේ  මිෂෙන් සිල්වා (102),  මුවර්ස් කණ්ඩායමේ පසිදු සුරියබණ්ඩාර ( නොදැවී 123),   සී.සී.සී කාණ්ඩායමේ  මිනෝද් භානුක (105), ලන්කන් කණ්ඩායමේ  ප්‍රසංග ජයමාන්ත  ( නොදැවී 138), සහ  දේශාන් ඩයස් (103) , කුරුණෑගල යුත් කණ්ඩායමේ විශ්ව විජේරත්න (නොදැවී 102 ), ටැමිල් යුනියන් කණ්ඩායමේ රවිදු  ප්‍රනාන්දු  (105),  චිලව්මේරියන්ස් කණ්ඩායමේ  විශ්ව චතුරංග ( 172) සහ  කසුන් විදුර   (113) මෙලෙස ශතක වාර්තා කිරීමට සමත්වූ පිතිකරුවෝ වූහ.

පිතිකරුවන්ගේ දක්ෂතා එසේ සටහන් වද්දී දිනයේ සුවිශේෂීතම තවත් සිදුවීමක් බවට පත්වූයේ එස්. එස්. සී, පිල නියෝජනය කරනු ලබන ප්‍රබාත් ජයසූරිය සිය 300 වැනි පළමු පෙළ කඩුල්ල දවා ගැනීමට සමත්වීමය. මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ර‌මේෂ් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් එම දක්ෂතාව දැක්වීමට ප්‍රභාත් සමත්වද්දී එය තම 71 වැනි පළමු පෙළ තරගය බවට පත්වූවේය. ඉනිමක කඩුලු 5 කට හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්තා 24 ක් සනිටුහන් වන ප්‍රබාත්ගේ තරගයක කඩුලු 10 ම දවා ගත් අවස්ථාවන් 7 ක් සටහන් කර ගැනීිමට සමත්ව සිටින්නේය.

ප්‍රභාත්ට අමතරව යුද හමුදා කණ්ඩාය‌මේ වමත් දඟ පන්දු යවන කෞමාල් නානානයක්කාර සහ සෙබස්තියනයට්ස් පිලේ තරිඳු රත්නායක කඩුලු 6 බැගින් දවා ලීමට සමත්වූහ. මෙය කෞමාල් මෙවර තරග වාරයේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගැනීමට සමත්වූ 7 වැනි අවස්තාව ලෙසින් සටහන් වද්දී මෙවර තරග වාරයේ ඔහු කඩුලු 48 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

  • නාවික  හමුදාවඑන්.සී .සී

නාවික   හමුදාව   මුල්  ඉනිම   සියල්ල  දැවී  129 ( පන්දුවාර 54.2යි ) සුපුන්   ලීලාරත්න 45  විනෝද් පෙරේරා  20 අදීෂ නානායක්කාර 16 ලසිත් ඇඹුල්දෙණිය 45/3 අෂේන්  ඩැනියල්14  /2

  • ගුවන් හමුදාව නුගේගොඩ

ගුවන් හමුදාව   මුල්  ඉනිම  356  (පන්දුවාර 80  .2 යි) ( මිෂෙන් සිල්වා 102  රොස්කොතටිල් 71  සුපේසල ජයතිලක 57මුවින්සුබසිංහ  47  උදයවංශපරාක්‍රම 27 රන්මිත ලියනආරච්චි 33/3 කේසර  අස්‍ රෆ් 59/2)

නුගේගොඩ  මුල්  ඉනිම   කඩුලු 1ට  8 ( පන්දුවාර 7යි)

  • කෝල්ට්ස් –  පොලිසිය

කෝල්ට්ස්  මුල් ඉනිම කඩ්ල් 8 315 යි (පන්දුවාර 89/2 )ධනංජය ලක්ෂාන් 78,  හෂාන්   දුමිදු   75 අවිශ්ක පෙරේරා  53 විෂාඩ් රන්දික 45දුනිත් වෙල්ලාලගේ 34 නලින් ප්‍රියදර්ශන 108/4 සුපුන් මධුශංඛ 60/2)

  • සරසන්ස් බදුරලිය

සරසන්ස් මුල් ඉනිම කඩුලු 7 232 ( පන්දුවාර 90) (සිතාර ගිම්හාන්  82  නවිනිදු විතානගේ 34 මළිදු  සිරිවර්ධන  නොදැවී 36  විමුක්ති 20 අනුක් ප්‍රනාන්දු  39/2 චලන් ද සිල්වා 72/2)

  • කලුතර නගර –  සෙබස්ටියනයිට්ස් 

කලුතර නගර   මුල්  ඉනිම   210( පන්දුවාර   63.2 යි ) ( සුකිත   මනෝජ්   49  දිනෙත් මුණසිංහ   30  සවන්  කංකානම්ගේ 28  යේසිත් රූපසිංහ 25 තරිදු  රත්නායක   78/6යි)

සෙබස්ටියනයිට්ස් මුල්  ඉනිම  කඩුලු 3ට  102( පන්දුවාර 30 )( ලොහාන්   ද සොයිසා  28 විමුද්   සප්නක්   නොදැවී 31 තරිදු  සිරිවර්ධන 8/1)

  • මුවර්ස් එන්.සී.සී

මුවර්ස් මුල් ඉනිම කඩුලු 5ට 336 යි  (පන්දුවාර 90යි)පසිදු සුරියබණ්ඩාරපන්දු නොදැවී 123  සොහාන් ඩිලිමේරා 70  කවිදු කුලසේකර 39 යි  පබසර වඩුගේ 38 රමේෂ් මෙන්ඩිස් 33නිසල  තාරක 65/2  ප්‍රභාත් ජයසුරිය 85/2

  • යුදහමුදාව –  ඒස්  කැපිටල්  

යුද හමුදා මුල්  ඉනිම   133  ( පන්දුවාර   47. 4 ) –   (සෙහද සොයිසා 39 මහේෂ්  කුමාර  21 ලක්ෂාන් එදිරිසිංහ 18 අසංක  මනෝජ් නොදැවී 18  ලසිත් කෘස්පුල්ලේ 13/3 නිමසර  අතර ගල්ල  33/2 රොෂාන් ජයතිස්ස 43/2 )

 ඒස් කැපිටල්  මුල්  ඉනිම  82( පන්දුවාර 23.3)  (ප්‍රමුද්  හෙට්ටිවත්ත  නොදැවී 28  ඕෂධ  ප්‍රනාන්දු 22  මොහමඩ් රිස්ලාන් 14 කෞමාල්  නානායක්කාර 33/6   හෂාන් සංදීප30/3 යි)

යුදහමුදා දෙවන  ඉනිම   කඩුලු 346යි පන්දුවාර14 යි තුලින දිල්ෂාන් නොදැවී  30  වනිදු සහන් 40ට 3

  • ටැමිල් –  නිගම්බු

ටැමිල් මුල්    ඉනිම  කඩුලු 7    348 (පන්දුවාර 90) – (රවිදු ප්‍රනාන්දු 105 රෝන් චන්ද්‍රගුප්ත 70  නවෝද් පරනවිතාන 46 කමේෂ් නිර්මාල් 40 උපුල් ඉන්ද්‍රසිරි 101/3 චානුර  ප්‍රනාන්දු   79/2)

  • චිලව්මේරියන්ස් –  බ්ලුම්ෆීල්ඩ්

චිලව්මේරියන්ස්  මුල්  ඉනිමකඩුලු   4ට   367 (පන්දුවාර 90) විශ්ව චතුරංග 172   කසුන් විදුර 113 මධුක ලියනපතිරනගේ 101/4

  • සී.සී.සී  කුරුණෑගල යුත්

සී.සී.සී  මුල්  ඉනිම  කඩුලු 8 ට  355 ( පන්දුවාර  90 යි)  – (මිනෝද්     භානුක 105  කමිදු මෙන්ඩිස් 82  නිමේෂ් ගුණසිංහ 61   ලසිත් අබේරත්න 68    සකිදු විජේරත්න 92 /3  අසිත  වන්නිනායක   64 /3)

  • ලන්කන්  –   බදුරලිය  

ලන්කන්   මුල්  ඉනිම   කඩුලු 3323 යි   ( පන්දුවාර 91) (ප්‍රසංසන ජයමාන්ත නොදැවී 138, දේශාන් ඩයස්   130    ගීත් කුමාර  36   ළහිරු සමරකෝන්  33/1)

  • කුරුණෑගල යුත් රාගම   

කුරුණෑගල යුත් මුල් ඉනිම 321  ( පන්දුවාර 87.3 යි )  ( විශ්ව  විජේරත්න නොදැවී 102  උමේෂ් උදයංග  67  ඊරෝස්  සමරසුරිය 39   උමේග  චතුරංග  24  ජනිත් ලියනගේ 54/3  ඊෂාන් මාලිංග  17/2  හරින්   රත්නමුදලි 39/2)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest