slc
Home   |    News
සැප්තැම්බර් 13, 2022
මව්බිමට අභිමානයක් ගෙනා ‘ක්‍රිකට් විරුවන්ට’ උණුසුම්ව පිළිගනියි

sinhala editor

ආසියානු   ක්‍රිකට්  කිරුළ  දිග්විජය කළ  ලංකා සිංහ පෝතකයන් ලෙස  විරුදාවලිය ලත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායම අද (13)  අලුයම 4.40ට කටුනායක  අන්තර් ජාතික  ගුවන් තොටුපලෙන්   මවු  බිමට  පා තැබුවේ  සිංහ ධජ ලෙළදවමින් සිටි  දහස්  සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ  මධ්‍යයේය.

කටුනායක සිට  කොළඹ නගරය දක්වා වූ සිදූව,  ජාඇල, වත්තල, පෑලියගොඩ නගර හරහා  එක දිගට  දම්වැළක්   මෙන්   පෙළ ගැසී  සිට් ක්‍රීඩා  ලෝලීන් රටට කීර්තියක් හා  ගෞරවයක්  හිමිකර දුන් ක්‍රිකට් විරුවන් දිරිමත් කළේ ‘අපේ  ක්‍රිකට්  විරුවනට ජයවේවා’, ජයවේවා! යන ඔල්වසරන් නඳ දෙමිනි.

තැනින් තැන් රතිඤ්ඤා පුපුරන හඩ, ප්‍රීති ඝෝෂා, සුභපැතුම් බැනර, අත්පොලසන් හඬ හා ගැයුම්  වැයුම් මග දෙපස  වර්ණවත්   කළේ  ක්‍රිකට් විරුවනට   ආසිරි  දක්වමිනි.

තට්ටු  දෙකක  (ඩබල්  ඩෙකර්) උඩ   තට්ටුව  විවෘත වු එළිමහන්   බස්  රියෙහි  දෙපස   පෙළ  ගැසී  සිටි  ආසියානු   ක්‍රිකට් ශූරයෝ  මග  දෙපස  මහජනතාවට තම   කෘතඥතාවය   පුද  කරන ලද්දේ ප්‍රීතියෙන් යුතු  සිනහවෙන්  අත්වනමිනි.

අළුයම කටුනායකට  පැමිණි  ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම   විශේෂ  අමුත්තන්ට  වෙන්වූ  ශාලාවේදී පිළිගනු ලැබුවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ක්‍රීඩා අධ්‍යාක්ෂ ජනරාල් අමල්  එදිරිසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් උප  සභාපති   ජයන්ත  ධර්මදාස, භාණ්ඩාගාරික  ලසන්ත වික්‍රමසිංහ යන  මහත්වරුන්ගේ ප්‍රාධානත්වයෙන් යුත්  චාම්  උත්සවයකදීය.

ක්‍රීඩකයන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් සහ  හිතවතුන් විශාල පිරිසක් ගුවන්  තොටුපලේදී  ඔවුනව පිළිගනු  ලැබුවේ හද පිරි සොම්නසද සමඟ වූ ප්‍රීතියෙන් වැළඳගනිමිනි.

කටුනායක සිට කොළඹ නගරය  දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් මඟ දෙපස ප්‍රීති ඝෝෂා මැද දේශාභිමානී ගීතද වරින් වර අසන්නට ලැබිනි.  තවත්  ස්ථාන කිහිපයක  ශ්‍රී ලංකාවටම  ආවේනික වූ පපරේ සංගීතයද වාදනය  කැරිණි.

මේ අතර   සිංගප්පූරුවේ   පැවැති   කාන්තා  ආසියානු   කුසලාන   නෙට්බෝල් තරගාවලියේ සිංගප්පුරුව පරදා ආසියානු නෙට්බෝල් ශූරතාව දිනූ ශ්‍රී ලංකා  නෙට්බෝල් කණ්ඩායමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමසමඟ පැමිණීම විශේෂත්වයක් විය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට පසුපසින් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමද විවෘත වූ ඩබල් ඩෙකර් බස් රථයක නැගී කොළඹ බලා පැමිණියේ මඟ දෙපස පුරා රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ නොමද ‌ඔල්වරසන් හඬ මධ්‍යයේය.

බන්දුල  මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest