slc
Home   |    News
සැප්තැම්බර් 7, 2022
මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංගව පසුකරයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ.

ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි.

මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ඉන්දියාවට එරෙහිව වාර්තා කරගන්නා ලද අමතක නොවන තරග ජයග්‍රහණයේදී පන්දු 37 කට මුහුණ දුන් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 52 ක් ලබා ගත්තේය. මෙම ඉනිමත් සමඟ වැඩිම ලකුණු ලාභී  පිතිකරුවන් අතර 7 වැනි ස්ථානයේ රැදී සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest