slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2022
යුද හමුදාව කළින්ම දිනද්දී ‌‌කෞමාල් කඩුලු 50 සීමාව ඉක්මවයි

sinhala editor

යුද හමුදා ක්‍රීඩා සමාජයේ කෞමාල් නානායක්කාර ඉනිම දෙකේදීම ලකුනු 72 කට කඩුලු 12 ක් දවා ගැනීමට සමත්වීමත් සමග අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ දෙවැනි දින අවසන් වීමට මත්තෙන් ඒස් කැපිටල් පිලට එරෙහිව ලකුනු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණ.

22 හැවිරිදි වියේ පසුවන කෞමාල් නානායක්කාර මෙම දක්ෂාත්වයත් සමඟ මෙවර තරග වාරයේ කඩුලු 50 සීමාවද ඉක්මවාලීමට සමත්වූවේය. පළමු ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 6 ක් දවා ගන්නා වමත් දඟ පන්දු යවන්නා දෙවැනි ඉනිමේදී යළිත් ලකුණු 39 ක් ඇතුළත කඩුලු 6 ක් දවා ගනිමින් සිය කණ්ඩායම දිනයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දායකත්වය දැක්වූවේය. කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථාවක් 8 ක් සටහන් කරගෙන සිටි කෞමාල් මෙවර තරග වාරයේ තරග 6 කදී දවා ගෙන  ඇති සමස්ථ කඩුලු සංඛ්‍යාව 54 කි.

පිතිකරණයෙන් චිලව් මේරියන්ස් පිලේ රවීන් යසස් බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව ලකුණු 117 ක්ද වාර්තා කර ගනිද්දී සැරසන්ස් පිල නියෝජනය කරනු ලබන මිලින්ද සිරිවර්ධන බදුරලියට එරෙහිව ලකුණ       107 ක් ලබා ගැනීමට සමත්විය.

මෙවර තරග වාරයේ තරග 5 කදී ලකුණු 925 ක් ලබා ගෙන සිටින රාගම කණ්ඩායමේ නිශාන් මදුෂ්ක අද දිනයේදී ලකුණු 1000 කඩ ඉම පසුකරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණද ඔහු ලකුණු 30 ක් ලබා සිටියදී දැවී ගියේය. එම දැවී යෑමත් සමඟ රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුනු 92 කට සීමා විය. ඒ අනුව මදුශ්කට දෙවැනි ඉනිමේදී එම ඉඩ ඉම ඉක්මවා යෑමට නම් තවත් ලකුණු 45 ක් ලබා ගත යුතු වනු ඇත.

ඒස් කැපිටල් – යුද හමුදාව

යුද හමුදාවට ලකුණු 195ක ජයක්

යුද හමුදාව පළමු ඉනිම සියලු දෙනා දැවී 133 (47.4) (ෂෙහඳ සොයිසා 39, මහේෂ් කුමාර 21, ලසිත් කෲස්පුල්ලේ 13/3, නිම්සර අතරගල්ල 33/2, රොෂාන් ජයතිස්ස 43/2, වනුජ සහන් 23/2) සහ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 249 (76.4) – (තුලින ඩිල්ශාන් 47, ෂෙහාන් ප්‍රනාන්දු 93, මහේෂ් කුමාර 67, ලසිත් කෲස්පුල්ලේ 25/2, වනුජ සහන් 56/6)

එස් කැපිටල් පළමු ඉනිම සියලු දෙනා දැවී 82 (23.3) – (ඕෂඳ ප්‍රනාන්දු 22, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 28, කෞමාල් නානායක්කාර 33/6, හෂාන් සංදීප 30/3) සහ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 105 (24.3) – ඕෂඳ ප්‍රනාන්දු 43, ප්‍රමුද් හෙට්ටිවත්ත 22, කෞමාල් නානායක්කාර 39/6, හෂාන් සංදීප 54/4)

ලංකන් – බී.ආර්.සී.

ලංකන් පළමු ඉනිම සියලු දෙනා දැවී 457 (121.2) (ප්‍රසන්සන ජයමාන්න නොදැවී 138, දේශාන් ඩයස් 130, ඉසිවර දිසානායක 40, ගීත් කුමාර 39, කසුන් අබේරත්න 28, දුවිඳු තිලකරත්න 113/5, තිලකරත්න සම්පත් 70/3)

බී.ආර්.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 81 (23.4) – (උමේෂ් මොරායස් 22, රජීව වීරසිංහ 41/6, දමිත සිල්වා 22/2) සහ දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 150 (34) – (තිලකරත්න සම්පත් 63, ඩිලාන් ජයලත් 35, දමිත සිල්වා 38/2, ගීත් කුමාර 29/2)

පොලිසිය – කෝල්ට්ස්

කෝල්ට්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 342 (93.2) (ධනංජය ලක්ෂාන් 78, අවිශ්ක පෙරේරා 53, හෂාන් දුමිඳු 75, විශාද් රන්දික 45, දුනිත් වෙල්ලාලගේ 34, ජෙහාන් ඩැනියෙල් 25, නලින් ප්‍රියදර්ශන 125/5, සුපුන් මධුශංක 60/2) සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 12 යි

පොලිසිය පළමු ඉනිම සියලු දෙනා දැවී 224 (76.4) – (මංජුල ජයවර්ධන 44, හේෂාන් ධනුශ්ක 20, රන්දුනු ගංගනාත් 32, දුලාශ් උදයංග 35, සමන් කුමාර 26, චතුරංග කුමාර 29, දුනිත් වෙල්ලාලගේ 86/6, රුවන් සෙනෙවිරත්න 34/2)

සී.සී.සී. – කුරුණෑගල යූත්

සී.සී.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 404 (101.4)(මිනෝද් භානුක 105, නිමේෂ ගුණසිංහ 61, කමිඳු මෙන්ඩිස් 82, ලසිත් අබේරත්න 48, චමිඳු විජේසිංහ 32, ලක්ෂාන් සඳකැන් නොදැවී 30, දිනුෂ්ක මාලන් 68/2, සකිඳු විජේරත්න 115/3, අසිත වන්නිනායක 71/3, අසන්ත බස්නායක 28/2)

කුරුණෑගල යූත් – කඩුලු 9ක් දැවී 242 (75.2) – (දමිත් පෙරේරා 49, දිනුෂ්ක මාලන් 49, ගයාන් මනීෂාන් 46, අසන්ත බස්නායක 21, සනෝජ් දර්ශික 37, අසිත ප්‍රනාන්දු 38/3, චමිඳු විජේසිංහ 38/2, ලක්ෂාන් සඳකැන් 49/3)

කැන්ඩි කස්ටම්ස් – රාගම

කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 321 (87.3) – (විශ්ව විජේරත්න නොදැවී 102, ඉමේෂ් උදයංග 67, ඉරෝෂ් සමරසූරිය 39, චානක විජේසිංහ 24, සහන් අදීශ 21, උමේග චතුරංග 24, ජනිත් ලියනගේ 54/3, ඒෂාන් මාලිංග 97/2, හරීන් රත්නමුදලි 39/2) සහ දෙවැනි ඉනි සියලු දෙනා දැවී 131 (47) (රශ්මික මධුශංක 40, ඉරෝෂ් සමරසූරිය 27, ශෂික දුල්ශාන් 59/3, ඒෂාන් මාලිංග 19/3, යොහාන් ලියනගේ 05/2)

රාගම – පළමු ඉනිම සියලු දෙනා දැවී 92 (35) (නිශාන් මධුශ්ක 30, සහන් අදීශ 26/2, ඉමේෂ් උදයංග 36/4, මෙතුශ තිලිණ 10/3) සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 12 (4)

සෙබස්තියනයිට්ස් – කලුතර නාගරික

කලුතර පළමු ඉනිම සියලු දෙනා දැවී 210 (63.2) – (සුඛිත මනෝජ් 49, සවන් කංකානම්ගේ 28, යෙසිත් රූපසිංහ 25, ඉෂාන් අබේසේකර 23, දිනෙත් මුණසිංහ 30, තරිඳු රත්නායක 78/6) සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 253 (68)  – (සවන් කංකානමගේ නොදැවී 79, නිපුණ ගමගේ 62, යොහාන් මෙන්ඩිස් 48, සුකිත මනෝජ් නොදැවී 36, චාමිකර එදිරිසිංහ 69/2)

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 173 (52.3) – (විමුද් සප්නක 33, ලොහාන් ද සොයිසා 28, සචිත ජයතිලක 25, තරිඳු රත්නායක 20, තරිඳු සිරිවර්ධන 23/4, ඉෂාන් අබේසේකර 36/4, තෙමල් බණ්ඩාර 58/2)

එස්.එස්.සී. මුවර්ස්

මුවර්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 355 (96.2) – (පසිඳු සූරියබණ්ඩාර 123, සොහාන් ද ලිවේරා 70, කවිඳු කුලසේකර 39, පබසර වඩුගේ 38, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රභාත් ජයසූරිය 93/5, නිසල තාරග 76/4)

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 7ක් දැවී 234 (81) – (රොෂේන් සිල්වා නොදැවී 84, නිපුන් ධනංජය 37, ක්‍රිශාන් සංජුල 35, සම්මු අශාන් 23, කවිඳු නදීශාන් 25, තීසාන් විතුසාන් 87/5)

බ්ලූම්ෆීල්ඩ් – චිලව් මේරියන්ස්

චිලව් මේරියන්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 552 (143.3) – (විශ්ව චතුරංග 172, රවින් යසස් 117, කසුන් විදුර 113, ගෞරව් ජතාර් නොදැවී 75, ස්වානිල් ගුගල් 21, රජින්ද පුංචිහේවා 24, මධුක ලියනපතිරණගේ 177/5, දිලීප ජයලත් 70/2, හස්නේයින් බොකරි 50/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 3ක් දැවී 95 (36) – (ගජිත කොටුවේගොඩ 26, යොහාන් ද සිල්වා 25, චරිත් කුමාරසිංහ 35)

නුගේගොඩ – ගුවන් හමුදාව

ගුවන් හමුදාව පළමු ඉනිම සියලු දෙනා දැවී 356 (80.2) – (මිෂේන් සිල්වා 102, සුපේෂල ජයතිලක 57, රොස්කෝ තට්ටිල් 71, මොවින් සුබසිංහ 47, උදයවංශ පරාක්‍රම 27, දුලංජන මෙන්ඩිස් නොදැවී 23, රනිත ලියනාරච්චි 33/3, සහන් නානායක්කාර 83/2, කයිසර් අශ්රෆ් 59/2)

නුගේගොඩ – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 223 (97) (කයිසර් අෂ්රෆ් 70, සුවත් මෙන්ඩිස් 58, අභිෂේක් ලියනාරච්චි 29, රුමේෂ් බුද්ධික 29, ගයාන් සිරිසෝම 45/5, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 35/2)

නාවික හමුදාව – එන්.සී.සී.

ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 129 (54.2) (සුපුන් ලීලාරත්න 45, විනෝද් පෙරේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 3/45, අශේන් ඩැනියෙල් 2/14, සහන් ආරච්චිගේ 3/23) සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 163 (49) (අදීශ නානායක්කාර 53, කවිඳු රණසිංහ 41, මධුර මධුශංක නොදැවී 25, අශේන් ඩැනියෙල් 73/2)

එන්.සී.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 296 (80.4)  – (විනුක රූබසිංහ 70, සහන් ආරච්චිගේ 67, අසෙල් සිගේරා 47, කවින් බණ්ඩාර 23, අහන් වික්‍රමසිංහ 22, නිපුන් රන්සික 33, නවින් කවිකාර 87/2, මධුර මධුශංක 57/3, අසන්ත සිංගප්පුලි 49/3)

සැරසන්ස් සහ බදුරලිය

සැරසන්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 340 (126.1) (මිලින්ද සිරිවර්ධන 107, සිතාර ගිම්හාන් 82, නවිඳු විතානගේ 34, දුශාන් විමුක්ති 20, ලහිරු ගමගේ 67/3, අනුක් ප්‍රනාන්දු 41/3, චලන ද සිල්වා 90/2, අලංකාර අසංක 82/2)

බදුරලිය පළමු ඉනිම කඩුලු 3ක් දැවී 170 (51) (සහීඩ් මන්සූර් 65, අලංකාර අසංක 73)

ටැමිල් යුනියන් – මීගමුව අතර

ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 375 (99) – (රවිඳු ප්‍රනාන්දු 105, රොන් චන්ද්‍රගුප්ත 70, දිලුම් සුදීර 55, නවෝද් පරණවිතාන 46, සදීර සමරවික්‍රම 23, කමේෂ් නිර්මාල් 40, උපුල් ඉන්ද්‍රසිරි 109/5, චනුර ප්‍රනාන්දු 92/2)

මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 147 (38.4)  – (කවින් අල්මේදා 51, ඇන්ජලෝ ජයසිංහ 29, ජොටින් සක්සේනා 34, දිලුම් සුදීර 36/3, ශිරාන් ප්‍රනාන්දු 35/2, රවිඳු ප්‍රනාන්දු 28/3) සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 104 (40) – (පසිඳු ලක්ෂාන් 35, දිලුම් සුදීර 30/2, රවින් ද සිල්වා 17/2)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest