slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2022
විස්සයි-20 ලෝක කුසලාන පිලට ළහිරු සහ චමීර එකතු වෙයි

sinhala editor

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාරව එක් කර තිබේ. ඔක්තෝම්බර් මස 16 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩකයින්ද සමඟින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙන අතර 17 දෙනෙකු තරගාවලිය සඳහා පිටත්ව යනු ඇත.

ඔස්ට්‍රේලියාවේ සතු වේගවත් තණතීරුවල උපරිමය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පැයට කිලෝ මීටර 145 ට වැඩියෙන් පන්දු යැවීමේ හැකියාව ඇති මෙම දකුණත් වේග පන්දු යවන්නන් දෙදෙනාව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ප්‍රධාන සංචිතයට එක් කර තිබුණත්, ඊට පෙර, ඔවුන් පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවට සහතික කළ යුතු වේ. එසේ වුවහොත් ප්‍රධාන සංචිතය සමඟ තරගාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ද අනුමැතිය ලැබී තිබේ.

පළපුරුදු වේග පන්දු යවන්නන් දෙදෙනා සංචිතයට පැමිණියද, මීට දින කීපයකට පෙර එක්සත් අරාබි එමීර්හි පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී විස්සයි-20 තරග වරම් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ වමතින් වේග පන්දු ය වන ඩිල්ෂාන් මදුශංකත්, දකුණතින් වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන්වත් ප්‍රධාන සංචිතයට එක් කර තිබේ. ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු අසිත ප්‍රනාන්දුට මෙම සංචිතයේ අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට හෝ නම ඇතුළත් නොවීම කැපී පෙනෙයි.

ඒ හැරුණු කොට ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයින් අතරින් ලෝක කුසලාන ගමන මඟ හැරී ඇත්තේ ලසිත් මාලිංගගේ ඉරියව්වට සමානව පන්දු යවන මතීෂ පතිරණ සහ නුවන් තුෂාරට  පමණි.

ප්‍රධාන ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව නම් කරන ලද අතිරේක ක්‍රීඩකයින් 5 දෙනා අතරට ඇතුළත්ව සිටින අශේන් බණ්ඩාරත්, ප්‍රවීන් ජයවික්‍රමත් කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව වෙත ගමන් කරනු ඇත. කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටි දිනේෂ් චන්දිමාල් සහ නුවනිඳු ප්‍රනාන්දු තවදුරටත් එම ලැයිස්තුවේම රැදී සිටිති. අතිරේක ක්‍රීඩකයින් අතර පැමිණ සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන ගමන මඟ හැරුණු බිනුර ප්‍රනාන්දු වේ.

විස්සයි20 ලෝක කුසලාන ප්‍රධාන කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (යෝග්‍යතාවයට යටත්ව), ලහිරු කුමාර (යෝග්‍යතාවයට යටත්ව), ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්.

අතිරේක ක්‍රීඩකයින් – අශේන් බණ්ඩාර(කණ්ඩායම සමග පිටත්ව යනු ඇත), ප්‍රවීන් ජයවික්‍රම(කණ්ඩායම සමග පිටත්ව යනු ඇත), දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar