slc
Home   |    News
සැප්තැම්බර් 20, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ටොම් මූඩි අතර වූ ගිවිසුම අවලංගු කෙරේ

sinhala editor

‘ක්‍රිකට් අධ්‍යක්ෂක’ තනතුරේ කටයුතු කළ ටොම් මූඩි සමඟ වූ කොන්ත්‍රාත්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව ඉහත තීරණයට එළැඹ තිබේ.

ටොම් මූඩි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු දෙපාර්ශ්වය අතර වූ එකඟත්වය අනුව ගිවිසුම අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශයක් අනුව 2021 වසරේ මාර්තු 01 වැනි දින සිට ටොම් මූඩිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ලැබීය. අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂනික උපදේශන කමිටුවට සෘජුවම කරුණු වාර්තා කිරීම මූඩිගේ රාජකාරිය වුවත්, මේ වන විට එම කමිටුව නොමැති නිසා මූඩිගේ සේවය අවශ්‍ය නොවන බව සියලු දෙනාගේ මතය වී තිබේ.

තනතුර භාරගත් දා පටන් මේ දක්වා ටොම් මූඩිගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන ලද දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු වෙත සිය ස්තූතිය පුද කර සිටින අතරම ඔහුගේ ඉදිරි වැඩ කටයුතුවලටද සුභ පතයි.

මේ පිළි‌ඳව අදහස් දක්වා සිටින ටොම් මූඩි, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නැවත වතාවක් සේවය කිරීමට ලැබීම මා ලද වරප්‍රසාදයක් වන අතර, තාක්ෂණික උපදේශක කමිටුවේ මඟ පෙන්වීම මත මගේ ධුර කාලය තුළ මට ලබා ගැනීමට හැකිවූ දේ ගගැන මම ආඩම්බර වෙනවා” යනුවෙනි.

ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුවරයාව කටයුතු කරන ලද 2007 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයින් බවට පත්වීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest