slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2022
සමාරම්භක දිනයේදී ගාල්ල සහ කොළඹ උතුර ජය වාර්තා කරති

sinhala editor

බාළිකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට ගාල්ල සහ කොළඹ උතුර කණ්ඩායම් අද (06 දා) පස්වරුවේ සමත්වූහ.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම පන්දුවාර විස්සයි-20 තරග වලදී අඩු ලකුණු සංඛ්‍යාවන් මත තරග නිමාවට පත්විය. මෙහිදී එකම කණ්ඩායමක් හෝ ලකුණු 100 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වුණු අතර ගාල්ල කණ්ඩායම ලකුණු 93 ක් ලබා ගනිමින් කඩුලු 8 ක ජයක් වාර්තා කළේය. ඊට අමතරව කොළඹ දකුණු පිලට එරෙහිව තියුණු තරගයක නියැළෙමින් අවසානයේ කඩුල්ලක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායම සමත්විය.

ගාල්ල සහ ගාල්ල පිටත

ගාල්ල කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

ගාල්ල පිටත පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 92 යි – (රිෂ්මි සංජලා 18, හිරුෂි සඳමිනි 112, චලනි කනීෂ්කා නොදැවී 16, හිරුණි හංසිකා 16/2, පමෝදා ශයිනි 17/2)

ගාල්ල පන්දුවාර 11.2 කදී කඩුලු 2 ට ලකුණු 93 යි – (සංජනා කාවින්දි 26, හෂිනි ගිම්හානි 11, සුමුදු නිසංසලා නොදැවී 15, රිෂ්මි නේත්‍රාංජලී නොදැවී 25)

කොළඹ උතුර සහ කොළඹ දකුණ

කොළඹ උතුරට කඩුලු 1 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 15.1 කදී ලකුණු 73 යි – (ඉමල්ෂා යසාරා 11, දෙයිමි සෙනෙත්මා නොදැවී 15, තරුෂි ප්‍රනාන්දු 12/2, නිපුනි ජයසිංහ 14/3)

කොළඹ උතුර පන්දුවාර 17.3 කදී ලකුණු 74 යි – (රෂීනි පෙරේරා 14, චතුෂාධි කෞෂල්‍යා 11, උමායා රත්නායක 18/3, විදුෂිකා පෙරේරො 24/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest