slc
Home   |    News
ඔක්තෝබර් 25, 2022
අතේ තිබූ ජය ස්ටොයිනිස් උදුරා ගනියි

sinhala editor

විස්සයි-20 තරගයකදී මෙතෙක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට මාකස් ස්ටොයිනිස්ගේ සමත්වීම නිසා කණ්ඩායම් 12 අතර තරග වටය යටතේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු පිලට අද (25 දා) හැකියාව ලැබිණ.

පර්ත්හි පැවැති මෙම තරගයේදී ලකුණු 158 ක ඉලක්කය හඹා යෑමේදී ස්ටොයිනිස් විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසීරුතාවයට ඇද දමන ලදදේ සිය ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් කර ගනිමිනි. පන්දු 17 කදී වාර්තා වුණු අර්ධ ශතක ලාභියා, 21 ක් තිබියදී ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 18 කදී ලකුණු 59 ක් ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 327.77 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අතින් රැක ගත යුතුම මට්ටමේ උඩ පන්දු කීපයක් මඟ හැරීම මෙන්ම, පන්දු 5 ක් පමණක් යවා සිටි බිනුර ප්‍රනාන්දුගේ සේවය කණ්ඩායමට අහිමිවීමද ශ්‍රී ලංකාවට මහත් අවාසියක් ගෙන දුන් කරුණු විය.

ආරම්භයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පාලනයකට නතුකොට තබාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූයේ පළමු පන්දුවාර 7 දී කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලෙස සටහන්ව තිබියදීය. ඉනිම ඇරැඹි නායක ෆින්ච් ස්ටොයිනිස් ශ්‍රී ලංකා පිලේ අතේ තිබූ ජය උදුරා ගන්නා විටත් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියානු නායකයා පන්දු 42 කදී ලකුණු 31 ක් ලබා සිටි‌යේය.

පිටියට පැමිණි විගස සිය ප්‍රහාරය දියත් කළ ස්ටොයිනිස් ට පෙර නායක ෆින්ච්ට එක්වූ මිචෙල් මාෂ් පන්දුවාර 3 කදී ලකුණු 47 ක් ලබා ගනිමින් ජයග්‍රාහී අඩිතාලම එක් කළහ. එවන් තත්ත්වයක වුවත් මහීෂ් තීක්ෂ සහ ළහිරු කුමාර ක්‍රියාත්මක කරන ලද 11 වැනි සහ 12 වැනි පන්දුවාර 2 ම ලකුණු 03 කට නවතාලීමට සමත්වීම කැපී පෙ‌නිණ. මෙම තරගයේදී මහීෂ් තීක්ෂණ නිලකුණු පන්දු වාරයක් සටහන් කරගත්තේය.

දේශීය තත්ත්වයන් මනාවට ප්‍රයෝජනයනට ගත් ඔස්ට්‍රේලියානුවෝ කාසියේ වාසිය දිනා ගත්තද පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියේය. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවේදී උපරි වාසිය ලබා ගත් ස්ටාක්, හැසල්වුඩ් සහ කමිනිස් තිදෙනා පළමු පන්දුවාර 6 දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 36 කට සීමා කරගත්හ. ඒ අතර එකම හතරේ පහරක් පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් එල්ල කර තිබිණ.

ඉනිමේ මැදින් පැමිණි පිතිකරුවන් කීප දෙනෙකු අස්ථාවර භාවයක් පෙන්නුම් කළද තරගය ලකුණු 160 සීමාව ආසන්නයට රැගෙන ගියේ චරිත් අසලංක විසිනි. ඔහුගේ පිතිහරඹය නිසා 18 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 136 ක් ලෙසින් සටහන් වුණු ලකුණු පුවරුව ඊළග පන්දු වාර 2 අවසනදී 157 ක් දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබිණ. ආබාධයක් හේතුවෙන් පෙර තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක අද දියේදී ලකුණු 40 ක් ද චරිත් අසලංක ලකුණු 38 ක් ලබා ගත්තේ ඉනිම නොබිඳව තබා ගනිමිනි.

ධනංජය ද සිල්වා ද ලකුණු 26 කින් දායකත්වය ලබා දුන් මෙම තරගයේදී අවසන් පන්දුවාර 4 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 48 ක් රැස් කර ගැනීමට සමත්වීම කැපී පෙණින.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 දී කඩුලු 6 ට ලකුණු 157 යි – (පැතුම් නිස්සංක 40, කුසල් මෙන්ඩිස් 05, ධනංජය ද සිල්වා 26, චරිත් අසලංක  නෙනාදැවී 38, භානුක රාජපක්ෂ 07, දසුන් ශානක 03, වනිඳු හසරංග 01, චාමික කරණාරත්න (නොදැවී) 14)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 16.3 කදී කඩුලු 3 ට ලකුණු 158 යි – (ඩේවිඩ් වෝනර් 11, ඒරන් ෆින්ච් 31, මිචෙල් මාෂ් 18, ග්ලෙන් මැක්ස්වෙල් 23, මාකස් ස්ටොයිනිස් (නොදැවී) 59)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest