slc
Home   |    News
ඔක්තෝබර් 21, 2022
අපි කලින් වගේ ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා – මහීෂ් තීක්ෂණ

sinhala editor

පළමු තරගය පරාජය පරාජය වූ පසුව කණ්ඩායමේ උනන්දුව වැඩි වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. හෙතෙම මේ බව පැවැසූවේ නෙදර්ලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලබා විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 යටයට පිවිසීමෙන් අනතුරුව ජීලෝන්ග් හීදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“ පළමු තරගයෙන් පසුව අප දැනගත්තා අනෙක් තරග දෙකම ජයගත යුතු බව. ඒ නිසා උනන්දුව වැඩි වුණා. කණ්ඩායමක් හැටියට අප එක්ව වෙහෙස මහන්සි වී කළ පුහුණුවේ ප්‍රතිඵල දැන් ලැබෙනවා. ලෝක කුසලානයේ හැම ටීම් එකක්ම හොද කණ්ඩායම්. නමුත් අපට යම් පීඩනයක් තිබුණා ආසියා කුසලානය දිනා පැමිණි කණ්ඩායම නිසා අපේ තත්ත්වය රැකගෙන ක්‍රීඩා කිරීමට. දෙවැනි තරගයෙන් පසුව අපේ විශ්වාසය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි කලින් වගේ ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා. හොද මානසිකත්වයක් ගොඩ නැගුණා. ආසියා කුසලානය දිනා ගත්තා සේම ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි වෙලා තියෙනවා“ තීක්ෂණ පැවැසීය.

“ඔස්ට්‍රේලියාවේ සීතල දේශගුණයක් තියෙනවා. එයටත් වඩා ජීලෝන්ග් පිටියේ පිතිකරණයේදී හොදින් තේරෙනවා උඩින් ගහන පාරවල් හතරේ සීමාවට යන්නේ නැති බව. පන්දුව එක තැන නවතිනවා. මේ ක්‍රීඩා පිටිය හරිම මෘදු එකක්. පන්දුව හයියෙන් ගමන් කරන්නේ නෑ. ඒ නිසා පිතිකරණයේදී යම් පීඩනයක් වගේම පන්දු රුකීමේදී ක්‍රීඩකයන් ආබාධවලට ලක් වෙන්න පුලුවන්“ තීක්ෂණ පැහැදිලි කළේය.

ජීලෝන්ග් තණතිල්ල ඉතා මන්දගාමී එකක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ කුසල් මෙන්ඩිස් පැවැසීය. ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේද පරිනත ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරමින් පන්දු 44කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රබල පිටුබලයක් ද විය.

“ තරගයට පෙර විකට් එක බලද්දී අප හිතුවේ නෑ මන්දගාමී එකක් වෙයි කියලා. නමුත් ඕවර් කිහිපයක් ක්‍රීඩා කරද්දී දැනුනා විකට් එකේ තත්ත්වය. මට ප්‍රහාර එල්ල කළ හැකි පහසු පන්දු කිහිපයක් ලැබුණා. නමුත් පැතුම් ට එල්ල වූ පන්දු අමාරු ඒවා.  ඒ නිසා ක්‍රීඩා ගාරයට පණිවිඩයක් යැව්වා ඕවර් 10ක් වගේ යනකල් හෙමින් පහර දෙනවා කියලා. ඒකයි මුල් ඕවර් කිහිපයේ ලකුණු වෙිගය අඩු වුණේ“ කුසල් මෙන්ඩිස් පැවැසීය.

“ඔස්ට්‍රේලියාවේ අප මෙයට ටික කලකට පෙර තරගාවලියකදී ක්‍රීඩා කළා. ඒ තරගාවලිය පැරදුනත් අපේ ක්‍රීඩකයන් දක්ෂතා දැක් වූවා. ඒ නිසා ලෝක කුසලානයේදී අපට මොන කණ්ඩායම ඉදිරියේදී හමු වුනත් ප්‍රශ්නයක් නෑ. අපි දැන් දන්නවා මේ තණතිලි මේ දිනවල හැසිරෙන ආකාරය. හොදින් මුහුණදිය හැකි ශක්තිමත් කණ්ඩායමක් අප සතුව තිබෙනවා“ යැයි කුසල් සදහන් කළේය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest