slc
Home   |    News
ඔක්තෝබර් 1, 2022
අශාන් ප්‍රියන්ජන්ට සුවිශේෂී දිනයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ  සත්වන සති   අන්තයේ ප්‍රථම  දිනය තම ක්‍රිකට් දිවියේ සුවිශේෂී දිනයක්  බවට පත් කර ගැනීමට සී. සී. සී. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන් සමත්විය. බී. ආර්. සී. පිලට එරෙහිව පැවැත්වෙන තරගයේ ලකුණු 51 ක් ඇතුළත කඩුලු 8 ක් දවා ගත් ප්‍රියන්ජන් පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරගත්තේය. ඉකුත් සති අන්තයේදී ලකුණු 8000 සීමාව ඉක්මවා ගිය දකුණත් පිතිකරුවා අද දිනයේදී සිය පළමු පෙළ තරග දිවියේ කඩුලු 150 සීමාවද ඉක්මවා ලීමට සමත්වූවේය.

ඊට අමතරව අද ඇරැඹි තරග වලදී එස්. එස්. සී. පිලේ නුවනිඳු ප්‍රනාන්දු, පානදුර පිලේ රමින්ද විජේසූරිය සහ එන්. සී. සී. පිලේ අහන් වික්‍රමසිංහ ශතක වාර්තා කිරීමට සමත්වූහ.

නුගේගොඩට එරෙහි තරගයේදී  රමිදු විජේසුරිය පන්දු  136 කදී  හතරේ 15  ක්   හයේ   පහරක්   සමග  නොදැවී ලකුණු 119 ක්ද  රාගමට එරෙහි තරගයේදී නුවනිදු ප්‍රනාන්දු පන්දු  251  කදී හතරේ 13  සහ  හයේ පහර  තුනක්  සමග  නොදැවී ලකුණු 126ක් ද  සහ සැරසන්ස්ට එරෙහි තරගයේදී    අහන් වික්‍රමසිංහ පන්දු 192  කදී හතරේ   15  ක්  හයේ  හයක්   සමග  නොදැවී ලකුණු 157  ක්ද   රැස්  කරමින් ශතක වාර්තා කළහ.

පන්දු යැවිමේදී  ප්‍රියන්ජන්ට අමතරව ගුවන් හමුදාවේ ගයාන්   සිරිසෝම  ලකුනු 116 කට කඩුලු 5 ක්ද 5) ටැමිල් යුනියන් කණ්ඩායමේ දිලුම් සුධීර ලකුණු 71 කට කඩුලු 6 ක් ද සහ චිලව්මේරියන්ස්  කණ්ඩායමේ  ලසිත් ලක්ෂාන් ලකුණු 57 කට කඩුලු 5 ක් දවා ලමින් පන්දු යැවීමෙන් කැපී පෙනුණහ.

  • බී.ආර්.සී සී.සී.සී

.ආර්.සී. මුල්   ඉනිම  153 ( පන්දුවාර 50.2යි) – (ළහිරු සමරකෝන් 37 දනාල්  හේමානන්ද  25 මෝදිත  රනතුංග 17 අෂාන් ප්‍රියංජන 51/8)

සී.සී.සි. මුල්  ඉනිම  කඩුලු 5ට  116 ( පන්දුවාර 35) – අෂාන් ප්‍රියංජන 34 කමිදු මෙන්ඩිස් 27  ලසිත් අබේරත්න නොදැවී 30 දුෂාන් හේමන්ත 39/2)

  • මුවර්ස් –  කෝල්ට්ස්

මුවර්ස් මුල් ඉනිම 126  (පන්දුවාර 38.5) – (පසිදු සුරියබණ්ඩාර 46 අදීෂ  තිලංචන්  නොදැවී 19 දුනින් වෙල්ලාලගේ 32/4 ජෙහාන් ඩැනියල් 33/3)

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 4 ට  178  යි  (පන්දුවාර 40) – (සංගීත් කුරෙ නොදැවී 61 විෂාඩ් රන්දික 54  ප්‍රියමාල්  පෙරේරා නොදැවී 61 විෂාඩ් රන්දික 54 ප්‍රියමාල්  පෙරේරා  නොදැවී 43 මිලාන් රත්නායක 40/2යි)

  • කලුතර නගර –  පොලිසිය

කලුතර නගර මුල්  ඉනිම  කඩුලු 3ට 97යි (පන්දුවාර  34.3යි) යේසිත් රූපසිංහ 42 නිපුන්  ගමගේ 23 නලින් ප්‍රියදර්ශන 26/2 නුවන් ප්‍රදීප් 40/1)

  • කුරුණෑගල යුත් කැන්ඩි කස්ටම්ස්

කුරුණෑගල යුත් පළමු ඉනිම කඩුලු 3ට 271 (පන්දුවාර 82යි) – (දමිත්  පෙරේරා 92 සමීර  සදමල්  නොදැවී 87 ගයාන් මනීෂාන් 48 සම්පත් පෙරේරා 44/2)

  • බ්ලුම්ෆීල්ඩ් ශ්‍රී ලංකා නාවික හමුදාව

බ්ලුම්ෆීල්ඩ් මුල්  ඉනිම   කඩුලු  1 ට  149 ( පන්දුවාර 39) – (යොහාන් ද  සිල්වා  නොදැවී 61  හස්නෙන්  බොකාරි නොදැවී 86 නවීන් කවිකාර 21/1)

  • පානදුර  –   නුගේගොඩ

පානදුර කඩුලු 6259 ( පන්දුවාර 64 යි) – (රමිදු  විජේසුරිය  නොදැවී 119 නිමේෂ්  විමුක්ති නොදැවී 30 රොෂාන්  විජේනායක 26 කයිසර් අෆ්‍ රෆ් 98/3 සහන්  නානායක්කාර 50/2)

  • එස්.එස්.සී –  රාගම

එස්.එස්.සී මුල්  ඉනිම  කඩුලු 5 ට 220  ( පන්දුවාර  70  යි )– (නුවනිදු ප්‍රනාන්දු නොදැවී 126  ෂම්මු අෂාන්  38 රොෂෙන් සිල්වා  34 නිපුන් මාලිංග  34/3 ශෂික් දුල්ෂාන්  81/2)

  • එන් .සී. සී සරසන්ස්

එන්.සී.සී මුල්  ඉනිම  කඩුලු 7 ට  333යි  – ( පන්දුවාර 91 යි)   (අහන් වික්‍රමසිංහ නොදැවී 157  සහන්   ආරච්චිගේ  61 අම්සි  ද  සිල්වා   නොදැවී  54 ළහිරු  උදාර  28  දුෂාන් විමුක්ති 128/4   මොහමඩ් දිල්ෂාන් 61/2)

  • ඒස් කැපිටල් ගුවන් හමුදාව

නාවික හමුදාව මුල් ඉනිම 312 ( පන්දුවාර 69.2  යි ) –   (ලසිත් කෘස්පුල්ලේ  62  නිහාඩ් කාදම්  56  ඕෂද  ප්‍රනාන්දු   48  හර්ෂ කුරේ 37  ප්‍රමුද් හෙට්ටිවත්ත  49 ගයාන් සිරිසෝම  116/5  ළසද   රුක්මාල්   61/2  මුවින්  සුබසිංහ  56/2)

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 4 ට  20 ( පන්දුවාර 16.3 යි) – (ආදිත්‍ය සිරිවර්ධන 18  මොහමඩ් ඉර්ෆාන්  10/4)

  • සෙබස්ටියනයිට්ස් –  ගෝල්

සෙබස්ටියනයිට්ස් මුල්  ඉනිම කඩුලු 6 ට  227   (පන්දුවාර 70.1) (සචිත  ජයතිලක නොදැවී 45  ලොහාන් සොයිසා 44  සවුරාබ් ඩුබේ 38 ඉෂාන්  රංගන්   32 රගු ෂර්මා 60/4  සදුන් මධුශංඛ 50/2)

  • යුද හමුදාව – නිගම්බු

යුද හමුදාව කඩුලු 6 129  ( පන්දුවාර 39.2 යි– (ලක්ෂාන්  එදිරිසිංහ 51 ෂෙහාන් ප්‍රනාන්දු 24 අෂාන් රන්දික 23 චනුර  ප්‍රනාන්දු 48/3)

  • චිලව්මේරියන්ස්  –   ටැමිල්

චිලව් මේරියන්ස් මුල්  ඉනිම   191  ( පන්දුවාර  58.1  යි ) – (විශ්ව චතුරංග 58 දසුන් සෙනෙවිරත්න 28 කසුන් විදුර 24 දිලුම් සුධීර  71/6 රවිදු ප්‍රනාන්දු 76/3)

ටැමිල් කඩුලු 9ට 155 (  පන්දුවාර 34.2  යි  ) – (කමේෂ් නිර්මාල් 61 නවෝද් පරනවිතාන 24   රවිදු ප්‍රනාන්දු 20 ලසිත් ලක්ෂාන් 57/5  ස්වාප්නිල් ගුගේල් 55/3)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest