slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2022
ආදේශකයින් ලෙස තවත් තුනක් ඔස්ට්‍රේලියාවට

sinhala editor

ලෝක කුසලාන තරඟාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු ආබාධයකට ලක්වුවහොත් ඊට ආදේශකයින් ලෙස යොදාගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු අද (26 දා) රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.

ඔවුන් තිදෙනා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාද පිටත්ව යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

ඔවුන් තිදෙනාම මැක්කැස්කිල් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔස්ට්‍රේලියාවේදී පුහුණුවීම් සිදුකරනු ඇත. කණ්ඩායම තුළ අවශ්‍යතාවක් ඇතිවුවහොත් ඔවුන් වහාම කණ්ඩායම සමග එකතු වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee