slc
Home   |    News
ඔක්තෝබර් 4, 2022
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

sinhala editor

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සැප්තැම්බර් මස 30 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුව ආරම්භයට පෙර එම කුසලානය කෞතුකාගාරයේ තැන්පත් කෙරිණ.

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ඊට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂිතම කුසලාන ලෙසින් සැලකෙන 1996 ලෝක කුසලානය සහ 2014 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන ද්විත්වයම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යාබදව, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ. එම සුවිශේෂී කුසලාන ඇතුළු ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්ව සිටින කුසලාන රැසක් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන අතර එය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ලෝලී ජනතාවට ආරාධනා කර සිටියි. ක්‍රිකට් කෞතුකාගාරය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව තැබෙනු ඇත.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest