slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2022
උපක්‍රමශීලී දඟ පන්දු යැවීමක්

sinhala editor

අයර්ලන්තය සමග තරගයේදී තම කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගේ සේවය උපක්‍රමශීලීව ලබාගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අයර්ලන්තය සමග තරගයේදී මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග කඩුලු දෙක බැගින් දවාගත් අතර ධනංජය ද සිල්වා කඩුල්ලක් බිදහෙලා දග පන්දු බල ඇණීයෙන් කඩුලු 5ක් ලබා ගැනීම අයර්ලන්තයට එරෙහි තරගයේදී කැපී පෙණුනි.

වෙනදා ආරම්භක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණට ලබා දුන්නද අයර්ලන්තයට එරෙහි තරගයේදී දඟ පන්දු යැවීම ආරම්භ කළේ 5වැනි ඕවරයේදීය. එම ඕවරයේ සිවුවැනි පන්දුවේදීම සාර්ථක ප්‍රතිපල අත්කර ගැනීමට තීක්ෂණ සමත් වූ අතර එතැන් සිට දඟ පන්දු යවන්නන් වරින් වර යොදා ගැනීමට දසුන් ශානක කටයුතු කළේය.

“ඇත්තටම සතුටුයි අපි ක්‍රීඩා කරපු විදිහ ගැන. ඒ වගේ ක්‍රිකට් තමයි අපිට ක්‍රීඩා කරන්න ඕන. මෙම ක්‍රීඩාවේදී දඟ පන්දු යවන්නන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව අපි දැන සිටියා. අපි මේ තරගයේ දී උපක්‍රමශීලීව දඟ පන්දු යවන්නන් යොදා ගත්තා” තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවැසීය. එමෙන්ම කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලබාදුන් දායකත්වය ද දසුන්ගේ ඇගැයීමට ලක් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 43කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් එල්ල කොට නොදැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ සුපිරි දක්ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා ද දසුන් ශානකගේ අදහසට සමාන අදහසක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් පිළිබඳව එක් කළේය. ඔහු පැවැසූවේ ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන්ගේ සේවය ඉතාම සුදුසු පරිදි තරගයේදී යොදා ගැනීම වාසියට හේතු වූ බවයි.

“අපේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා ඕවර් 8ක් යවනවා. එයට අමතරව අවශ්‍ය අවස්ථාවකදී යොදාගත හැකි අතිරේක දඟ පන්දු යවන්නෙක් ද අප සතුව සිටිනවා. මේ අය අවශ්‍ය මොහොතේ ඔවුන්ගේ සේවය ලබා දුන්නා“  

“ආසියානු කුසලානයේදී කුසල් මෙන්ඩිස් දැක්වූ දක්ෂතා අප දුටුවා. එය දැන් තවත් දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා. අපේ ආරම්භය වගේම මැද පෙළ ඉතා හොදයි. දුෂ්මන්ත චමීර හා දිල්ෂාන් මධූසංඛ අහිමිවීම අපට විශාල පාඩුවක්. නමුත් බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාර පැමිණ ඒ අඩුව සම්පූර්ණ කරනවා. පැතුම් මීළග තරගයට සූදානම්. මීළඟ පුහුණු සැසියේදී ඒ සම්බන්ධ අවසන් තීරණයකට එළැඹිය හැකියි“ නවීඩ් නවාස් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ සහභාගීවන මීළග තරගය 25දා ඔස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් හීදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar