slc
Home   |    News
ඔක්තෝබර් 15, 2022
එල්.පී.එල්. තෙවැනි දිග හැරුම දෙසැම්බර් මස 06 වැනිදා සිට

sinhala editor

දින ‌සංශෝධනයට ලක් වුණු තෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසරේ තරගාවලිය ලබන දෙසැම්බර් මස 06 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

මෙවර තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ පෙර තරගාවලි දෙකට සාපේක්ෂව වැඩිපුර ක්‍රීඩාංගණයක් තරග සඳහා භාවිතා කිරීම වේ. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙවර තරගාවලිය 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව 10 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 14 වැනිදා දක්වා පල්ලකැලේ පැවැත්වෙන තරග වලින් අනතුරුව තරගාවලියේ අවසන් කොටස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 17 වැනිදා සිට ආරම්භ වනු ඇත. මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග මෙන්ම අවසන් මහ තරගයද කොළඹදී පැවැත්වීම විශේෂත්වයකි.

ලීග් පදනම අනුව මූලික වටයේ පැවැත්වෙන තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකාට විරුද්ධව දෙවතාවක් මුණ ගැසෙනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායම් හතර අවසන් වටයේ තරග සඳහා යොමු කෙරෙන අතර දෙවැනි අදියරයේ පරිදිම එම තරග වටයේදී එලි‌මිනේටර් තරගයක් ඇතුළත් වේ. තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest