slc
Home   |    News
ඔක්තෝබර් 16, 2022
ඩිල්ෂාන් වෙනුවට බිනුරව කැඳවයි

sinhala editor

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මහත් යලා‌පොරොත්තුවක් බවට පත්ව සිටි වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. කලවයේ මස්පිඩු ඉරීයෑමක් ඊට හේතුවී තිබේ.

කෙසේ වෙතත් ඒ සදහා තවත් වමත් පන්දු යවන්නකු වන බිනුර ප්‍රනාන්දුව කණ්ඩායමට එක් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව බිනුර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටු සභාති වසීම් ඛාන්, එම ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පීටර් රෝච්, ලෝක කුසලාන තරගාවලි සංවිධායක කමිටු සාමාජික ෂේන් ඩොයිල්, දකුනු අප්‍රිකානු හිටපු නායක ෂෝන් පොලොක් සහ බටහිර ඉන්දීය දූපත්හි හිටපු වේග පන්දු යවන්නකු වන ඉයන් බිෂොප් එම තාක්ෂනික කමිටුවට ඇතුළත්ව සිටිති.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest