slc
Home   |    News
ඔක්තෝබර් 18, 2022
තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්  

sinhala editor

පැතුම් නිස්සංකගේ ධෛර්යවන්ත පිතිහරඹයත් දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංගගේ නොසැලුණු පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 79 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (18 දා) සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන කණ්ඩඩායම් අතර තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට හැකිවිය.

නැමීබියාව හමුවේ ලද ලකුණු 55 ක පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය සෘණ 2.75 ක් වහයෙන් සටහන් විය. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ධන ලකුණු 0.6 දක්වා ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි. මැද පෙළ පිතිකරුවන් අසාර්ථක නොවන්නටත් ලබා දුන් උඩ පන්දු කීපය රැක ගැනීමට සමත්වූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යෑමට මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායම මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට සමත්වූයේ නම් මීට වඩා වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීමට අවකාශ ති‌බිණ.

එසේ සඳහන් කර ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහ‌රදෙන අවස්ථාවේදී කඩුලු 2 කට ලකුණු 117 ක් වශයෙන් සටහන්ව පහසුවෙන්ම ලකුණු 180 සීමාව කරා යෑමට අවස්ථාව තිබුණු නමුත් කාර්තික් මයියප්පන් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වූ නිසා එම අවවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් වුණු එම කඩුලු ත්‍රිත්වයට මැද පෙළ පිතිකරුවන් වූ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ නායක දසුන් ශානක බිළිවූහ’

එක්සත් ආරාබි නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 154 ක ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල අභියෝගයක් ලබා දුන්හ. ප්‍රමෝද් මදුශාන්ගේ පළමු පන්දුවාරයේදී ලකුණු 10 ක් ලබා ගත්තද තෙවැනි පන්දුවාරයේදී පන්දුවට අතර ගත් දුෂ්මන්ත චමීර එම පන්දුවාරය නිමා කරන ලද්දේ ලකුණු 02 කට කඩුලු 2 ක් දවාලමිනි.  

එතැන් පටන් තරගය අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තවත් කඩුලු 7 ක් බිඳ හෙළන ලද්දේ ලකුණු 42 ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය. තරගාවලියේ ඉදිරිය පිළිබඳව වැඩි බලාපොරොත්තු රඳවා ගැනීමට නම් තරගයේ ජයග්‍රහණය පමණක් නොව වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එය සංඛ්‍යාත්මක අගයකින් සදහන් කරන්නේ නම් ජයග්‍රාහී පරතරය ලකුණු 61 කට වැඩියෙන් රඳවා තබාගත යුතු විය. මහීෂ් තීක්ෂණ සහ අතිරේක පන්දු රකින්නකු ලෙසින් පිටියට පිවිසි ජෙෆ්රි වැන්ඩර්සිට රැකගත හැකිව තිබූ උඩ පන්දු ගිලිහී නොයන්නට උක්ත ජයට වඩා පරතරයකින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබිණ. අවසානයේ අරාබිවරුන්ගේ ඉනිම ලකුණු 73 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රධානම අඩිතාලම වූයේ පන්දු 60 කදී පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 73 ක සුපිරි ඉනිමවිය. තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලද පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සමග එක්ව පළමු පන්දුවාර 4 ඇතුළතදී ලකුණු 42 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. එම ආරම්භයත් සමඟ පළමු පන්දුවාර 14 ඇත්ළතදී කඩුලු 2 කට ලකුණු 114 ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසුවිය. කෙසේ වෙතත් මයියප්පන්ගේ කඩුලු ත්‍රිත්වය නිසා ශ්‍රී ලංකා ඉනිම ප්‍රබ පසුගාමී තත්ත්වයකට ලක්විය.

පීඩනය අතරින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරුවා පන්දුවාර 20 අවසන් වීමට පන්දුවක් ඉතිරිව තිබියදී දැවී යන විටත් සිය ඉනිමට මනරම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන තිබිණ. කුසල්ගේ  දැවී යෑමෙන් පසු පැතුම්ට එක් වුණු ධනංජය දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩංවමින් ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීම වේගවත් කළහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 152 යි – (පැතුම් නිස්සංක 74, කුසල් මෙන්ඩිස් 18, ධනංජය ද සිල්වා 33, සහූර් ඛාන් 26/2, කර්තික් මයියප්පන් 19/3)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 73 යි – (ආයන් ඛාන් 19, ශිරග් සූරි 14, ජුනයිද් සිද්දික් 18, දුෂ්මන්ත චමීර 15/3, මහීෂ් තීක්ෂණ 15/2, වනිඳු හසරංග 08/3)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest